IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැට් බද්දක් තිබියදී පිරිවැටුම් බද්දක් පැනෙව්වෙි ඇයි?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වැට් බද්දක් තිබියදී පිරිවැටුම් බද්දක් නැවත පැනවීම මඟින් ජනතාවට වැඩි බදු බරක් පැටවෙන බව සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික්  මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

කෝප් , කෝපා කමිටු පත් කළා නම්  ගල් අඟුරු මිලදී ගැනීම ආදිය සම්බන්ධයෙන් සොයා බලන්න තිබූ බවද ඒ නිසා වහාම ඒ කමිටු පත් කරන්නැයි ද මන්ත්‍රීවරයා කීය.

 මෙම බද්ද ප්‍රතිපත්තියක්,මූලධර්මයක් ලෙස පිළිගන්නට නොහැකි යැයිද ආණ්ඩුවට බදු ආදායම් වැඩිකර ගන්නට මීට වඩා දියුණු ක්‍රම තිබියදී මෙවැනි පිරිවැටුම් බදු පැනවීම මගින් ජනතාව පීඩාවට පත්වීම වළක්වන්නට නොහැකි යැයිද චම්පික රණවක මහතා පැවසීය. 

ගතවූ අවුරුදු දෙක හමාරක කාලය තුළ බිලියන ගණනින් මුදල් අච්චු ගසා තිබෙන අතර හාල්, පොල්, සීනි ආදී හැම දේකම මිල තුන් ගුණයකින් වැඩිවී තිබෙන බවද  භාණ්ඩ මිල ඉහළ යාම සඳහා සීමාවකින් තොර මුදල් අච්චු ගැසීමත් බලපා තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 මේවාට වගකිව යුතු නිලධාරීන්ට  කිසිම දඩුවමක් නැද්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.



අදහස් (4)

වැට් බද්දක් තිබියදී පිරිවැටුම් බද්දක් පැනෙව්වෙි ඇයි?

පුරවැසියෙක්..... Thursday, 08 September 2022 05:28 PM

ආහාර ද්‍රව්‍ය ඇතුලු සෑම භාණ්ඩයක්ම මිල ගණන් ඉහළ ගොස් තිබීම ජනතාවට දරාගත නොහැකි මට්ටමක පවතින බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබා දීම විය යුතුය. තවද ආහාර පාන ඇතුලු සෑම භාණ්ඩයක්ම මිල ගණන් වැඩි කිරීම සමාගම් සහ නිෂ්පාදකයින් හිතු මතේ සිදු කරන බැවින් , පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය මත පමණක් මිල වැඩි කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.

:       0       1

ravin Thursday, 08 September 2022 06:02 PM

පිල්ලි ගැසීමේ ක්‍රමවේදයක් සකසා ගන්න. නැතිනම් මේ දවස්වල මන්දපෝෂණයලු.

:       0       7

" ලැට් බද්ද " Thursday, 08 September 2022 06:33 PM

බදු ගැහුවේ නැත්නම් රට ගොඩ ගන්න බැහැ මේ තියෙන ආර්ථික තත්වයෙන් ගොඩ එන්නනම්..! පාර්ලිමේන්තුවේ අය ගෙවනවද බදු.. ඔබතුමා කියන ඔය 'වැට් බද්ද'....'පිරිවැටුම් බද්ද' කියන එකක්වත් .... පිටරටවලනම් " ලැට් බද්ද " කියලත් එකක් ගහනවා මාසයකට වරක් ඒවා පිරුනාම පිරිසිදු කරන්ට සිද්ද වෙන නිසා!

:       6       7

SL Thursday, 08 September 2022 06:39 PM

සම්පුර්ණ ඇත්ත. වක්‍ර බදු වැඩි කරලා ආයෙත් ආදායම මත බදු වැඩි කරන්නේ මොන පදනමකින්ද. අපිට ලැබෙන ආදායමෙන් බදු ගෙවන්න ඕනේ එක ඇත්ත නමුත් වක්‍ර බදු ගොඩක් ගෙවන ගමන් , තවත් ලොකු බද්දක් ආදායමෙන් ගෙවද්දී කොහොමද අපේ වියදම් පියව ගන්නේ ? වාහන භාවිත කරන බහුතරයක් ලොකු බද්දක් ඉන්ධන වෙනුවෙන් ගෙවනවා,දුරකථන, සහ වෙනත් සේවාවන් වලටත් 15% වැට් බද්දක් වැටිලා තියෙනවා. දෙකෙන් එකක් කරන්න. ??? අනික ලැබෙන බදු ආදායමෙන් කරන්නේ නිකන් ඉන්න රජයේ සේවකයන්ට පඩි ගෙවන එක. අපි වැඩකට උන් ලඟට ගියහම උන්ට දොලපිදෙනියක් දුන්නේ නැතිනම් පැයේ වැඩේ මාසයක් අදිනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 377 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site