IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


‘වට්ස් ඇප්‘ හැකරුන් වැඩිවෙලා :හසු වෙන්න එපා ‘

(විමුක්ති එස් රුද්‍රිගු)


වට්ස් ඇප් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී සිදුකරන මූල්‍ය වංචා ඇතුළු නොයෙකුත් මූල්‍ය වංචා පිළිබඳව තවමත් පැමිණිලි ලැබෙන බැවින් සිය දුරකතනනයට පැමිණෙන කිසිම කේතයක් තෙවැනි පාර්ශ්වයකට ලබා නොදෙන ලෙස නැවත වරක් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කළේය.

හැකර්කරුවන් වට්ස් ඇප් කණ්ඩායම්වලට සම්බන්ධ වී සූක්ෂමව එහි පරිශීලකයන් නිරීක්ෂණය කර ඔවුන්ගේ වට්ස් ගිණුම් ඇප් හැක් කරන බවත් හැක් කරන වට්ස් ඇප් ගිණුම්වල ඇති දුරකතන අංකවලට හදිසි අවස්ථාවක් බව පවසා මුදල් බැර කරන ලෙස හැකර්කරුවන් පණිවුඩ යවන බවත් ඒ මහතා පැවැසුවේය. මේ පිළිබඳ කෙතරම් දැනුවත් කළත් තවමත් එම වංචාවලට හසුවන ශ්‍රී ලාංකිකයන් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

ආගමික වැඩසටහනක් සඳහා, ත්‍යාගයක් දිනා ගැනීමට, අධ්‍යාපනික වැඩසටහනක් සඳහා සහභාගී වීමට වැනි ඒ ඒ පරිශීලකයන් අදාළ වන අයුරින් හේතු පවසමින් සූම් රැස්වීමකට සහභාගී කරවා ගැනීම සඳහා දුරකතනයට ලැබුණු කේතය ලබා දෙන ලෙස හැකර්කරුවන් ඉල්ලා සිටින බවත් නමුත් සැබැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ සූම් රැස්වීමකට සම්බන්ධ කරවා ගැනීමේ කේතය නොව හැකර්කරුවන්ට වට්ස් ඇප් ගිණුමට ඇතුළු වීමට අවශ්‍ය කේතය බවත් චාරුක දමුණුපොළ මහතා පැවැසුවේය.

ඉල්ලා සිටින කේතය ලබා දුන්හොත් සිය වට්ස් ඇප් ගිණුමේ පාලනය හැකර්කරුවන්ට ලැබෙන බවද ඔහු සඳහන් කළේය.

පාලනය ලබා ගැනීමෙන් පසුව එම වට්ස් ඇප් ගිණුමේ ඇති අංකවලට නොයෙකුත් ආකාරයේ හේතු පවසමින් මුදල් ඉල්ලා හැකර්කරුවන් පණිවුඩ යවන බවද ඔහු පැවැසුවේය. එවැනි පණිවුඩයක් ලැබුණහොත් ප්‍රථමයෙන් එම වට්ස් ඇප් ගිණුම අයිති පුද්ගලයා අමතා එය තහවුරු කරගත යුතු බවත් තහවුරු කර ගැනීමකින් තොරව කිසිදු පණිවුඩයකට මුදල් බැර කිරීම සිදු නොකළ යුතු බවත් දමුණුපොළ මහතා ප්‍රකාශ කළේය.

වට්ස් ඇප් ගිණුමක් හැක්වී ඇති බව දැනගතහොත් වහාම එම ගිණුම අයිති පුද්ගලයා එහි තිබු අනෙකුත් දුරකතන අංක අමතා ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බවද ඔහු පැවැසුවේය.

ජනතාව මේ පිළිබඳ දැනුවත් වීමෙන් මෙම මූල්‍ය වංචාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ හැකියාව තිබෙන බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

‘වට්ස් ඇප්‘ හැකරුන් වැඩිවෙලා :හසු වෙන්න එපා ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1550 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1676 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site