පොලිස් විශේෂ කාර්ය බළකායේ 40 දෙනකු දින පහක් පුරා පානම කැබිලිත්ත රක්ෂිතයේ අක්කර නවය හමාරක කංසා හේන් සමූහයක් වටලා තණමල්විලට ගංජා බෙදන බව කියන ඩප්පි චමින්දගේ ගෝලයන් තිදෙනකු ද, කතරගම හා තිස්සමහාරාමයට ගංජා බෙදන මුදලාලි කෙනකුගේ සගයන් අට දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතිමලේ පොලිසියට බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
පානමින් පසුගිය 17 වැනි දා වනාන්තරයට ඇතුළු වූ සෙබළු කැබිලිත්තේ සිට කිලෝමීටර 15ක් ඈත මහ කළේ කුඹුක්කන් ඔය ඉවුරේ වගා කර තිබූ අඩි හතරේ පහේ කංසා ගස් 26000ක් ද, වෙළෙඳපොළට යැවීම සඳහා සකසා තිබූ කිලෝවේ පැකට් විශාල තොගයක් ද සොයා ගත්හ.
එම ගංජා ගෙනියන්නට ආ දෙදෙනකු ද, ඔවුන්ගේ යතුරු පැදි දෙක ද සොයා ගත් බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.
මිටි බැඳ තිබූ ගංජා රාත්‍රී කාලයේ ගෙන යෑමේ අදහසින් යතුරුපැදිකරුවන් දෙදෙනා එහි වාඩිවල සිටි පුද්ගලයන් සමඟ බෝතල් පාටියක් දමා ඇත. තුවක්කු හතරක් ද සමඟ දස දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
කංසා ගස් ද, ගංජා ද ගිනි තබා විනාශ කැරිණි.
ගංජා කිලෝවක වීදි මිල රුපියල් 15000කි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැටලීමට දින පහයි : එස්ටීඑෆ් 40ක් මහ කැලේ
පියුමි Wednesday, 25 February 2015 10:10 AM
අපේ රණවිරුවෝ එදත් දක්ෂයෝ අදත් දක්ෂයෝ හැමදාටම වීරයෝ.(හේ)