IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වටරැක හිමියන්ගේ අඳනය සොයා ගනී

වටරැක විජිත හිමියන් දමා ගිය ස්ථානයට මදක් නුදුරින් ඒ හිමියන්ගේ අඳනයක් සොයා ගත් බව පොලීසිය පවසයි.

සිවුරකින් ඉරා ගත් සිවුරු කඩකින් ඒ හිමියන්ගේ අත් පා බැඳ තිබූ  බව බණ්ඩාරගම කිඳෙල්පිටිය පාරේ හිරණ  බොල්ගොඩ ගඟ අසල ඒ හිමියන් දමා ගොස් සිටියදී දුටු  රියදුරෙකු පොලීසියට ඒ බව දන්වා ඇතැයිද දැනගන්නට ඇත.

මුනින් අතට වැටී සිටි ඒ හිමියන්ගේ කකුලක් සෙළවෙනු ඔහු දැක ඇත.

වටරැක හිමියන්ට පහර දී ඇති බව පොලීසිය කියයි.

 



අදහස් (0)

වටරැක හිමියන්ගේ අඳනය සොයා ගනී

නිලංක Friday, 20 June 2014 10:51 AM

සිවුර දාගෙන කරන දේශපාලනේ රටට හිතවාදී උනානම් මෙහෙම වෙන්නෙ නෑ. (ස)

:       0       0

ශමිලා ඕන්ලන්ඩ් Thursday, 19 June 2014 12:32 PM

මේවා බලල අන්‍ය ආගමිකයෝ සහ විදේශිකයෝ අනික් පැත්තෙන් හිනාවෙනවා ඇති (නදී)

:       0       0

මාටින් Thursday, 19 June 2014 08:05 AM

සිවුරු දාගෙන දේශපාලනය කරන්න ගියහම ඔහොම වෙනවා (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 19 June 2014 08:12 AM

කට්ටිය ටෙලි නාට්‍යක් හදනවා. පහු ගිය ටිකේ ඒක පටිගත කරන එක තමයි අපි දැක්කේ. පිටපතේ හැටියටම මේ සිදුවීම රග දක්වල තියෙනවා. නාට්‍යය ප්‍රදර්ශනය කරනකම් බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.(නදී)

:       0       0

සෙන්සා Thursday, 19 June 2014 08:31 AM

බෞද්ධ චීවරයට නොගැලපෙන දේ අද බොහොමයක් සංඝ්‍යා වහන්සේලාගෙන් සිද්ධවනවා. සැබෑ බෞධයා මෙිවා අනුමත කරන්නේ නෑ. ඹවුන් දකින්නේ මොවුන් බොරු කාරයෝ ,විහිලු කාරයෝ විදියට.දෙනෝදාහක් අනුගමනය කරන ගරු කරන ධර්මයට නිගා නොකර මෙි මිථ්‍යා දුෂ්ථිකයෝ වහා ඉවත් වන එක හොදයි.(නදී)

:       0       0

ලකන Thursday, 19 June 2014 08:37 AM

අපි නොදන්නා ලොකු දෙයක් වෙලා තියෙනවා (දී)

:       0       0

පෝල් Thursday, 19 June 2014 12:45 PM

සුසන්ත අනුමත නොකලාට අර මහත්තයා අනුමත කරල තියෙන්නේ ඒ මදැයි (නදී)

:       0       0

ලුම්බිණි Thursday, 19 June 2014 08:47 AM

මේකටත් අපක්ෂපාත පරීක්ෂණයක් ඒවිද? (දී)

:       0       0

ජයන්ත Thursday, 19 June 2014 08:55 AM

මේ නාට්‍ය දැක්කහම අපිට බඩු මිල අමතක වෙනව නේ. (ස)

:       0       0

රංග Thursday, 19 June 2014 08:58 AM

අපේ රටේ බුදු දහම වල පල්ලට ගෙනියන්නයි මේ හදන්නේ. ප්‍රශ්නයක් අවාම අන්තිමට කලයුතු දේ මුලින්ම කරනවා. බුදුන් වහන්සේ ප්‍රශ්න විසඳුවේ මෙහෙම නෙමෙයි (නදී)

:       0       0

ඇනට් පොන්සේකා Thursday, 19 June 2014 09:10 AM

ඉතාම අවදානම් තත්වයක රට පවතින බව අනිවාර්යෙන් කිව යුතු වෙන අතර පිළිගත යුතුද වෙනවා (නදී)

:       0       0

ප්‍රියා Thursday, 19 June 2014 12:58 PM

මම නම් මොකුත් කියන්නේ නැහැ අධිකරණ වාර්තාව එනකල් (දී)

:       0       0

හුසේන් Thursday, 19 June 2014 09:10 AM

සිවුරු දාගෙන දේශපාලනය කරන්න යන්න එපා (නදී)

:       0       0

රොෂාන් Thursday, 19 June 2014 09:14 AM

මේ නියම බෞද්ධයන්ගේ වැඩ නෙවෙයි. අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය තෙරුවන් සරණන් ලැබේවා!. බෞද්ධයෝ වශයෙන් අපි මේ වැඩ ගැන ලැජ්ජා වෙමු. (නදී)

:       0       0

සමීර ලක්මල් Thursday, 19 June 2014 09:15 AM

බොදු බල සේනාව කළා කියා දැන් කියයි (නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 19 June 2014 09:24 AM

මෙම සිද්ධිය ඉතා කණගාටුවෙන් යුතුව හෙලා දකින අතරම උන් වහන්සේගේ පෙර ප්‍රකාශයන් ගැනත් කණගාටු වනවා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 19 June 2014 11:50 PM

මොකද ශීලාට එහෙම හිතුනේ? මම මේ තීරුවේ නිතරම ඉන්නවා. (නි)

:       0       0

අචිනි Thursday, 19 June 2014 09:27 AM

තව ටිකක් වටේ බලන්න. (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 19 June 2014 09:33 AM

අද මිනිස්සු බල්ලෝ බළල්ලු ගානට වැටිලා. අපේ රට තිරිසන් දේශයක් වෙන්නද යන්නේ? (නදී)

:       0       0

මෝරලා Thursday, 19 June 2014 09:38 AM

දැන් මේකට බොදු බල සේනාව මොනවගේ පියවරක් ගනීද? (නදී)

:       0       0

සඳුනි විජේතුංග Thursday, 19 June 2014 09:38 AM

ඔව් , මේක අනිවාර්යෙන්ම සංවිධානාත්මක කල්ලියක් කළ කුජීත වූ වැඩක්. මමත් බෞද්දයෙක් හැටියට මෙය සහ පසුගිය දවස් 2ක 3න තුල සිදු වූ දේවල් තරයේම හෙලා දකිනවා (නදී)

:       0       0

අමාර Thursday, 19 June 2014 09:39 AM

මේ වෙලාවේ ප්‍රවේසම් විය යුත්තේ බෞද්ධයෝය. ජාති වාදී ගින්න ඇවිලීමට අවශ්‍ය මෝඩයින් පහර දෙනු ඇත්තේ බෞද්ධයින්ටය. (නදී)

:       0       0

කාරියවසම් ලියනගේ Thursday, 19 June 2014 09:40 AM

මේක තවත් මායාවක් (නදී)

:       0       0

නිමන්ත Thursday, 19 June 2014 09:54 AM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ. ඔබ වහන්සේ දේශනා කල අවිහිංසාවාදී දහම ශාසනය තුල සිටින්නා වූ අයම විනාශ කරමින් ඇත. (ස)

:       0       0

හේමන්ත Thursday, 19 June 2014 09:57 AM

මහියංගනේ සිට පානදුරට අරන් ආවේ ඇයි? සම්පුර්ණ වීදි නාට්‍යක් රඟ දක්වලා! (ස)

:       0       0

මව්ලානා Thursday, 19 June 2014 01:35 PM

හිතා ගත හැකියි කලේ කව්ද කියා. (නදී)

:       0       0

ලුම්බිණි Thursday, 19 June 2014 10:10 AM

සී.අයි.ඒ මේක පිටිපස්සේ ඉන්නවා කියල වත් උපකල්පනය කර ගනිමු. (නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Thursday, 19 June 2014 01:40 PM

තුන්වරක් බුදුන් වැඩිය මවු බිමට බුදුන් වහන්සේට පූජාකරපු මවුබිමට අකුල් හෙලන කාටත් වෙන්නේ කර්ම පලදීමය (නදී)

:       0       0

සාමා Thursday, 19 June 2014 10:26 AM

සිදුවූ දේ ගැන කණගාටුයි (නි)

:       0       0

රංග Thursday, 19 June 2014 10:37 AM

අඳනය දාලා ගිහින් කියන එකේ අර්ථය මොකද්ද (දී)

:       0       0

රවී Thursday, 19 June 2014 10:39 AM

බෞද්ධ භික්සුවකටවත් ආරක්ෂාවක් නැති රටේ සාමාන්‍ය අපි ගැන කවර කතාද ? (නදී)

:       0       0

ශාන්ති Thursday, 19 June 2014 10:46 AM

ඉතාමත් කණගාටු සිදුවීමක් ,ඉක්මන් සුවය ලැබේවා! (නදී)

:       0       0

දහම් Thursday, 19 June 2014 10:47 AM

බුද්ධ චීවරයට ගැලපෙන අයූරින් හැසිරිය යුතුය. අපි ගිහියෝය. අපට බණ දේශනා කළ නොහැක. එහෙත් අප සිල්වත්ය. (නදී)

:       0       0

සෑම් Thursday, 19 June 2014 10:53 AM

මේ දෙගොල්ලන්ටම හොඳට ගෙවනවා මේ රඟපෑම්වලට. තව ඉස්සරහට වඩා හොඳ රඟපෑම් දකින්නට ලැබෙයි. ජනතාව ඉතා අවදියෙන් සිටිය යුතුයි. ඩොලර් කුට්ටිවලට අම්ම වුනත් පාවා දෙන මිනිස්සු අපි අතර ඉන්නවා. (නදී)

:       0       0

ලීසා Thursday, 19 June 2014 02:05 PM

මෙයට විදිමත් පරීක්ෂණයක් ඕනේ. මොනවා වුනත් නීතිය අතට ගන්න හදන සියලු දෙනාටම තරාතිරම නොබලා දැඩි දඩුවම් කල යුතුයි. සියලුම අන්තවාදී සංවිධාන තහනම් කළ යුතුයි (නදී)

:       0       0

සීල Thursday, 19 June 2014 02:13 PM

බන්දුල මහත්තය කාලෙකින්. ඔබ තුමා සිංහලයෙක් වෙන්න බැහැ සමහරු කියන විදිහට. (නදී)

:       0       0

නිලන්ත Thursday, 19 June 2014 03:01 PM

මාටින් මොන හිතකින්ද මනුස්සයෙකුට මෙහෙම පහර දීම අනුමත කරන්නේ. දේශපාලනේ කරන එක මේ විදියට පහරදෙන්න වරදක් ද ? මේ වැඩ තිරිසනුන් ගේ වැඩ. (නදී)

:       0       0

සුසන්ත Thursday, 19 June 2014 11:52 AM

හිමියන් පාලම ගාව දාලා ගිහිලා... මමනම් කීයටවත් අනුමත කරන්නේ නැහැ වැඩේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site