IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වටිනා රන්කාසිය ඉස්සූ තුනක් සැකපිට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

එළිසබත් රැජිනගේ රූපය අඩංගු කර තනන ලද ලක්ෂ 66 අධික වටිනා ඕස්ට්‍රේලියානු ඩොලර් 1000 රන් කාසියක් බණ්ඩාරගම වැල්මිල්ල හඳුන්වැන්න ප්‍රදේශයේ නිවසකින් සොරාගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

එම රන් කාසියේ බර ග්‍රෑම් 311 ක් බව පොලීසිය සඳහන් කරයි.

පැමිණිලිකාරිය ගේ සැමියා රෝගී තත්ත්වයකින් පසුවූ බැවින් ඔහු නිවසේ නතර කර ඉකුත් 8 වෙනි දින අවශ්‍යතාවයක් සඳහා මාතරට ගොස්  නිවසට පැමිණ නිවසෙහි ඉදිරි දොර විවෘත කර නිවෙස තුලට යන අවස්ථාවේදී සිය සහෝදරියගේ 16 හැවිරිදි දියණිය ද නිවසේ කබඩ් එකේ වීදුරු කඩලා තියනවා යැයි කෑ ගසා පැවසූ බවත් පසුව එය පැමිණිලිකාරිය පරික්ෂා කළ අවස්ථාවේදී ඒ තුළ දමා තිබූ රන් කාසිය සොරාගෙන ගොස් ඇති බවට දැක තිබූ පොලිසිය කියයි.

පැමිණිලිකාරිය විවාහ වී සිටින ඕස්ට්‍රයන් ජාතික සැමියා ඇයව විවාහ කර ගැනීම සඳහා පැමිණෙන විට මෙම රන් කාසිය තෑගි දුන් බවත් මුහුණත ප්‍රදේශයේ එලිසබත් රැජනගේ රුවත් පසුපස කොටසේ කැන්ගරුවෙකුගේ රූපයක් තිබූ බව බවත් එය සුරක්ෂිතව නිවසේ සාලයේ කබඩ් එකක් තුල තැන්පත් කර තිබූ බවත් එම කාන්තාව කරන ලද පැමිණිල්ලේ සඳහන් වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (0)

වටිනා රන්කාසිය ඉස්සූ තුනක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site