IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු

(මනෝප්‍රිය ගුණසේකර සහ විමුක්ති එස්.රුද්‍රිගු)

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැනන අල්ලන ලෙස නියම කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද වරෙන්තු නිකුත් කළාය.

ණය පදනම මත පුවත්පත් දැන්වීම් පළකරවාගෙන දැන්වීම්වල වටිනාකම වු රුපියල් ලක්ෂ 301ක් සඳහා මුදල් නොමැති ගිණුමකින් චෙක්පත් 20 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර වංචා කළැයි කියන සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තාට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණී.

මුදල් නොමැති ගිණුමකින් චෙක්පත් 20 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර රුපියල් ලක්ෂ 301ක මුදලක් වංචා කළැයි කියමින් කොළඹ ප්‍රදේශයේ දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තාට එරෙහිව රහස් පොලිසියේ වාණිජ හා මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණී.

කොළඹ ප්‍රදේශයේදී දැන්වීම් බාර ගැනීමේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති සැකකරු පැමිණිලිකාර විජය පුවත්පත සමාගම මුද්‍රණය කරන පුවත්පත්වල ණය පදනම මත දැන්වීම් පළ කරවාගෙන ඇතැයිද ණය පදනම මත එලෙස පළකරවාගෙන ඇති දැන්වීම්වල වටිනාකම රුපියල් ලක්ෂ 300 කට වැඩි යැයිද අධිකරණයට වාර්තාකර ඇති රහස් පොලිස් නිලධාරීහු එම වටිනාකම සඳහා මුදල් නොමැති ගිණුමකින් චෙක්පත් 20 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇතැයිද දැනුම් දී ඇත.

 



අදහස් (0)

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site