IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විජයදාස පොහොට්ටුවෙන් දොට්ට?

(සුජිත් හේවාජුලිගේ)

වෙනත් දේශපාලන පක්ෂයක සභාපති ධුරයක් ලබා ගැනීම සැලකිල්ලට ගෙන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය

මේ කාරණය මුලින්ම විනය මණ්ඩලයට යොමු කළ බවත් විනය මණ්ඩලයේ වාර්තාව පසුගියදා පක්ෂයට ලැබුණු බවත් ඔහු කීවේය.

විජයදාස රාජපක්ෂ මහතා එසේ කටයුතු කිරීම පක්ෂයේ ව්‍යවස්ථාව කඩකිරීමක් බව විනය මණ්ඩලය තීරණය කර ඇත.



අදහස් (10)

විජයදාස පොහොට්ටුවෙන් දොට්ට?

nanda Saturday, 08 June 2024 11:57 AM

මෙයාලාට දේශපාලන පක්ෂයක් කියලා එකක් නැහැ. හැමදාම බලේ ඉන්න රජයවල් එක්ක ඉඳලා වරප්‍රසාද භුක්ති විඳිනවා. එම රජයන් ජනප්‍රියතාවය අඩුවෙන කොට නැවත බලය ලැබෙන පැත්තට හෙත්තු වෙනවා මේ විදියට රට බංකොළොත් වෙනකම් පිනුම් ගහපු අය තමයි...

:       0       52

ravin Saturday, 08 June 2024 12:05 PM

කළයුතුම වැඩක්. අත්තෙන් අත්තට පනින කුරුල්ලා බිමට වැටුණාම චොර... කියන ආප්තෝපදේශයට අරුතක් දෙන්න.

:       0       17

පුරවැසියෙක් Saturday, 08 June 2024 12:20 PM

කපටි රජා. අල්ලපු අත්තත් නෑ. පයගහපු අත්තත් නැහැ වගේ... දැන් එතකොට ඇමැතිකමත් නැතිවෙනවාද මන්දා...? කොහොම කොහොමහරි ඔය සෙට් එක පාර්ලිමේන්තු නැවත නොඑන්න මහජනතාව වගා බලාගනිවී..

:       0       18

බද්රානි Saturday, 08 June 2024 01:36 PM

ලංකාවේ නොම්මර එකේ දේශපාලන තක්කඩියෙක් තමයි මේ... හුඹහ මාරු කලාට දිව දෙකේ සර්පයින්ව අපි හොඳට හඳුනනවා... ඔය කොයි හුඹහේ හිටියත් අවසානයේ සර්පයා රිංගනවා උසාවියේ වහලේ උඩට.... අන්න එතැනදී, අර හිතවත් සර්පයින්ව ආරක්ෂා කරලා උසාවියට එන අනෙක් අයව දෂ්ඨ කරනවා...මිනිස් වෙසින් ඉන්න සර්පයින්ව හඳුනා ගත්තොත්, ඔබ දිනුම්...!

:       0       7

Perera Saturday, 08 June 2024 01:36 PM

මෙයා සිරාට උපදෙස් දීලා දැන් සිරාත් අමාරුවේ වැටිලා..

:       0       7

පිටරටවැසියා Saturday, 08 June 2024 02:04 PM

කිසිම ප්‍රශ්ණයක් නෑ. මෙයා දැන් නඩුවක් දානවා... නඩුව වසර කිහිපයක් ඇදෙනවා...එතකොට දැන් පාර්ලිමේන්තුවත් ඉවරයි...ඇමැතිකමත් ඉවරයි...කොහොමින්හරි පක්ෂ සභාපතිකම රැකගෙන ඊළඟ පාර්ලිමේන්තුවට ආවොත්, විපක්ෂයේ හිටියත් මුල්පුටුවක් ලැබෙනවා පක්ෂ සභාපති කෙනෙක්‌ නිසා...දුරකථනය බලයට ආවොත්, නැවතත් ඇමති කමකුත් ලැබෙනවා...එතකොට මෙයා සදාකල් ඇමති...ඩීල්දාස...!!!

:       0       9

kamal Koyrala Saturday, 08 June 2024 03:35 PM

විජයදාස පොහොට්ටුවෙන් දොට්ට... ශ්‍රී ල නි පය දේශපාලනයෙන් දොට්ට...

:       1       11

Hafeel Saturday, 08 June 2024 03:52 PM

මේ විජේදාසටත් ලැජ්ජාවක් නැහැ. විජේදාසව ගන්න පක්ෂවලටත් ලැජ්ජාවක් නැහැ. ඔහුට ඇමැතිකම් දෙන්න ආණ්ඩුවලටත් ලැජ්ජාවක් නැහැ. කොටින්ම කියනවා නම්, ඔවුන් සේරටම ලැජ්ජාවක් ගෑවිලාම නැහැ.

:       0       19

Prabha Saturday, 08 June 2024 05:16 PM

හිටන්ගේ තවත් ගැටයෙක්...

:       0       6

ගමේ එකාලා Saturday, 08 June 2024 06:02 PM

ඩීල්දාස ගැන නම් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.එහෙට මෙහෙට පැන පැන ඇමැතිකම් අරගෙන , තමුන්ගේ වාසියට පැවැත්මට කටයුතු කරපු කෙනෙක්?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site