(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සංශෝධිත පැමිණිල්ලක් ගොනු කිරීමට එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා කටයුතු කර ඇත.
මේ අනුව අද උදෑසන ප්‍රතික්ෂේප කළ අදාළ වාරණ නියෝග ඉල්ලීම් නැවත තහවුරු කිරීම සඳහා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි නඩුව කැඳවීමට නියමිතය.
දුමින්ද දිසානායක මහතා විසින් පැවරූ නඩුවේ කරුණු සලකා බැලීමෙන් පසුව අද උදෑසන අදාළ වාරණ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ දිසා විනිසුරුවරයා සඳහන් කර සිටියේ පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවය.
නඩුවේ හතරවන සහ පස්වන විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය පදනම් කරගෙන පවරා ඇති මෙම නඩුකරයේ
විත්තිකරුවන්ගේ පදිංචිය වශයෙන් කොළඹ ටී.බී. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය නම්කර තිබෙන බව අතර ඒ තුළින් ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බවය.
පදිංචිය තහවුරු කර නොමැති අවස්ථාවක සිවිල් නඩු නිධාන සංග්‍රහයේ 46(2) වගන්තිය යටතේ පැමිණිල්ලක් නිශ්ප්‍රභා කිරීමට හෝ එය සංශෝධනය කර ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දිය හැකි බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විජයදාසට එරෙහිව යළිත් නඩුවක්
ravin Thursday, 16 May 2024 02:25 PM
නඩු පැවරීමේ දී නිති විශාරදයින් හරියටම නීතිය ගැන දැනගෙන හිටියාද? අඩුපාඩුකම්?
Hafeel Thursday, 16 May 2024 03:34 PM
දැනට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය වැඩිහිටි නිවාසක් ලෙස පින් දීල, අලුත් කඩේ උසාවිය ආසන්නයේ නව ප්‍රධාන කාර්යාලයක් පටන්ගත්ත නම්, දෙපාර්ශවයටත් පහසු. එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිර්කොරිතටත් මේ ඉරණම තමා.
Vithana Friday, 17 May 2024 05:59 AM
ඩාලි පාරේ පක්ෂ මූලස්ථානය මේ වගේ කල්ලි කණ්ඩායම් අල්ලගෙන හිටපු වාර අනන්තයි. කාලයක් අනුර බණ්ඩාරනායගේ කල්ලිය ඒක අල්ලගෙන ඉන්නකොට චන්ද්‍රිකා සහ විජය ගොස් එහි ඉබි යතුරු කඩා සියළු ලියකියවිලි සමග අලුත් යතුරු කැරැල්ල මැතිණියගේ අතට ගෙනත් දීපු සිද්ධිය මතකයි.