IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විජයදාසගේ පැමිණිලි ගැන විමර්ශනයක්

(නිමන්ති රණසිංහ)

අධ්‍යාපන අමාත්‍යාංශයේ 2018 වසරේ දී සිදුවූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ පැමිණීලි 04ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් 2018 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද පැමිණීලි 04 සම්බන්ධයෙන් බවත් අදාළ පැමිණීලිවලට අදාළව ඒ මහතාගෙන් 2019 වර්ෂයේදී ප්‍රකාශ සටහන් කරගත් බවත් එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට අයත්ව තිබූ ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සියලු වත්කම් මහපොළ භාරකාර අරමුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව 2015 වර්ෂයේදී  ගිවිසුමක් මගින් පවරා රුපියල් මිලියන 23000ක් හානි කිරීම මෙම පැමිණීලිවල පළමු පැමිණීල්ල වන බව කොමිසම පවසයි.

වර්ෂ 2018 දී නිළ ඇදුම් වෙනුවට වවුචර්පත් දීම මගින් වැඩිපුර රුපියල් මිලියන 538.5ක් වැය කිරීම, සුරක්ෂා රක්ෂණය ආරම්භ කර ප්‍රතිරක්ෂණය කිරීම ඇතුලු දූෂණ ක්‍රියා හේතුවෙන් රුපියල් මිලියන 2300ක් වැයකර රජයට පාඩු කිරීම සහ 2018 වර්ෂයේ පෙළ පොත් මුද්‍රණයේදී අමාත්‍යවරයාගේ ඡායාරූප සහිත පණීවිඩය එකතු කිරීමෙන්  රජයට රුපියල් මිලියන 29ක් පාඩු කිරීම අනෙක් පැමිණීලි අතර වෙන බව ද කොමිසම සදහන් කරයි.



අදහස් (0)

විජයදාසගේ පැමිණිලි ගැන විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 13 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site