IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වේගයෙන් පැතිරෙන කොවිඩ් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ

 

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

සීඝ්‍ර පැතිරීමක් සහිත ඔමික්‍රොන් බී.ඒ 5 යනුවෙන් හැඳින්වෙන කොවිඩ්  අනු ප්‍රභේදය මෙරටින් ප්‍රථම වතාවට හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ  ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

වේගයෙන් පැතිරෙන මෙම ප්‍රභේදය නිසා රටේ දරුණු තත්වයක් ඉදිරියේදී මතු විය හැකි බවද  ඔහු සඳහන් කළේය.

අද ලෝකයේ සීඝ්‍රයෙන් පැතිරෙන කොවිඩ්  අනු ප්‍රභේදය මෙය බව සඳහන් කරන ජීවන්දර මහතා  මේ හේතුවෙන් මෙරට කොවිඩ්  රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යෑමට ඉඩ ඇතැයිද  ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලින් මෙම අනු ප්‍රභේදය  සුලබව  හමුවූ බවත්  මෙම  තත්වය සැලකිල්ලට ගෙන ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින්  පරිස්සම්කාරී ලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

වේගයෙන් පැතිරෙන කොවිඩ් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ

ඔමික්‍රොන් බී.ඒ 5 Saturday, 30 July 2022 03:25 PM

" මාසයක් හරි නවතින්න බලාගෙන 9 වෙනිදා කොළඹට එන්න " කීව මාෂල් මහත්තයට අපි බොහෝම ස්තුතියි,,! --ඔමික්‍රොන් බී.ඒ 5--

:       0       0

Sepala Saturday, 30 July 2022 10:05 PM

ජනතාව මැතිවරණයක් ඉල්ලන විට ආණ්ඩුවේ න්‍යාය මෙයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site