IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විග්නේෂ්වරන්ට හතරෙන් තුනක බලයක්

ආසන තිස් අටෙන් ආසන තිහක් දිනා ගනිමින් දෙමළ ජාතික සන්ධානය උතුරු පළාතේ ප්‍රථම පළාත් සභා ඡන්දයෙන් හතරෙන් තුනකටත් වැඩි බලයක් ලබා ගත්තේය. මහ ඇමැති අපේක්ෂක හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු සී විග්නේෂ්වරන් මහතා ඡන්දයේදී පැවසුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණහොත් උතුරේ ආණ්ඩුකාරවරයා ද වෙනස් කිරීමට හැකි බවයි.

උතුරේ දෙමළ ජාතික සන්ධානය 353595ක් (78.48) හා ආසන 30කි. සන්ධානය ඡන්ද 82838 (18.38) කි.  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 6761 (1.50)කි.

සිව්වැනි තැනට පත් එක්සත් ජාතික පක්ෂය ඡන්ද 3062කි. ආසනයක් නැත. ජනතා විමුක්ති පෙරමුනට උතුරෙන් ලැබී ඇත්තේ ඡන්ද 288 (0.06) කි. සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ඡන්ද 170 (0.04) කි. මුස්ලිම් විමුක්ති පෙරමුණට ලැබී ඇති ඡන්ද සංඛයාව තුනකි. ප්‍රතික්ෂේප ඡන්ද 35239කි. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 719477කි. ඡන්දය දුන් මුළු ගණන 485813කි.



අදහස් (0)

විග්නේෂ්වරන්ට හතරෙන් තුනක බලයක්

රුබට් Sunday, 22 September 2013 05:00 PM

මේක අවස්ථාව කරගෙන, සරත් ෆොන්සේකාට තියෙන්නේ, කරන්න බැරි දේශපාලනය දමලා ගහලා තීරණයක් ගන්න එකයි (නි)

:       0       0

මංජුල Sunday, 22 September 2013 05:27 PM

ඔන්න පුතෝ, දැන් තමා හොද හොද සෙල්ලම් බලන්න පුළුවන් වෙන්නේ... (නි)

:       0       0

බුද්ධික Sunday, 22 September 2013 06:02 PM

කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්... (නි)

:       0       0

චාන් Sunday, 22 September 2013 07:27 PM

මෙය ජාතික බලය පෙන්වීමකි, දැන් ඉතින් පළාත් සභා වලින් ගතහැකි ඉහළම ප්‍රයෝජනය ජනතාව සහ පළාත වෙනුවෙන් ගනීවි (නි)

:       0       0

සම්පත් Sunday, 22 September 2013 07:43 PM

මේවට ගහන්න ඕනෑ මේ පළාත් සබා ඇතිකරපු අයට.ලංකාව කියන්නේ එක රටක්. (නි)

:       0       0

අල්විස් Monday, 23 September 2013 08:54 AM

නියම කොටියන් පරදවලා උතුර අවුරුදු හතරකින් සංවර්ධනය කළ අපේ ජනාධිපතිතුමා උතුරටත් ඡන්දය ලබාදුන්නේ මේවා නොදැන නොවේ. ඒවාට මුහුණ දෙන්නත් එතුමා අනික් කාටත් වැඩිය දන්නවා කියලා කවුරුත් මතක තියාගන්න (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 22 September 2013 08:18 PM

ඊළඟ වටයට යාමට මම ඔබට සුබ පතමි. (නි)

:       0       0

අශාන්ත Sunday, 22 September 2013 08:39 PM

මහා ඇමතිතුමනි, ඔබට දිගාසිරි. (නි)

:       0       0

අමින්ත Sunday, 22 September 2013 01:48 PM

ප්‍රජාතන්ත්‍රවාදීව මෙය හොඳ ජයක් වුවත් මොවුන් මෙම ජය රට බෙදන්න උපයෝගී කර ගනීවි. ඉල්ලන් කෑවා කියලා මම හිතනවා. සිංහලයන් මීට පසු ඉතා කල්පනාවෙන් වැඩ කලයුතුයි. (අ)

:       0       0

රන්ජිත් Sunday, 22 September 2013 01:51 PM

ඔබට ජය වේවා! (නි)

:       0       0

ශාන් Sunday, 22 September 2013 01:54 PM

දැන්වත් වහාම උතුරේ සිංහල ජනතාව පෙලීම නවතා තව තවත් සිංහල ගම්මාන ඇති කරන්න. (නි)

:       0       0

මොහමඩ් Sunday, 22 September 2013 01:57 PM

සියළු ජාතින්ට එක සේ සළකාවි යැයි සිතමු. (නි)

:       0       0

අභිජිත් Sunday, 22 September 2013 02:12 PM

ජන මතයට හිස නමමු. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වේවා.(අ)

:       0       0

කුමාර් Sunday, 22 September 2013 02:14 PM

දැන් ඉතින් යන අලියා කොරහත් බිදගෙනම ගියා, ආයේ ආපස්සට ගැනීමක් නෑ, එයාල ඊලම අරගෙනම තමයි නවතින්නේ. රටේ නායකයන්ගේ මොලේ නැති කම හා නිවට කම. (අ).

:       0       0

සුරේෂ් Sunday, 22 September 2013 02:17 PM

දැන් ඉතින් කාපල්ලකො මුගෙන් (අ)

:       0       0

අචිනි Sunday, 22 September 2013 02:22 PM

නියමඊ දුෂිත පවුල් පාලනයට කනේ පහරක්... ජයවේවා මව් ලංකා (අ)

:       0       0

නාරායන් Sunday, 22 September 2013 02:26 PM

එයාල චන්දෙදෙන්නේ එයාලගේ උගත්ම මනුස්සයට,බලමු එතුමා මොනවාද එයාලට කරන්නේ කියාලා.(අ)

:       0       0

ජෝන් Sunday, 22 September 2013 02:33 PM

දමිළයන්ට හොද අනාගතයක් උදාවේවි (නි)

:       0       0

ගයන්ත Monday, 23 September 2013 06:18 PM

මෙය මුළුමනින්ම රණවිරුවන්ගේ ජයග්‍රහණයක්. ත්‍රස්තවාදය පරාද කළෙත් රණවිරුවන්. එහි ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් පැවත්වූවෙත් රණවිරුවන්. හරි අපුරුයි. මෙවන් වූ නිදහසක් භුක්ති විඳීමට තමන්ගේ රටේ තවත් සහෝදර ජනතාවකට ඉඩ ලබාදුන් ආරක්ෂක හමුදාවක් ලෝකයේ වෙන කොහෙවත් නැත යැයි මම කියමි.ජය වේවා! (නි)

:       0       0

නිමලලතා Monday, 23 September 2013 09:51 AM

දෙමල ඊළමට යාමට පාර හරි. සින්හලයනි දැන්වත් ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ යන කියමන සිහි කරමින් ඉතිරි පළාත් හෝ සිංහලය වෙනුවෙන් රැකගැනීමට සුදානම් වෙන්න. (දී)

:       0       0

ලක්සිත Sunday, 22 September 2013 03:24 PM

විග්නේෂ්වරන් මහතා ඡන්දයේදී පැවසුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණහොත් උතුරේ ආණ්ඩුකාරවරයා ද වෙනස් කිරීමට හැකි බවයි. වෙන මොනවද ඕනෑ? (නි)

:       0       0

පිටිගල Sunday, 22 September 2013 10:51 PM

මේක නම් පාලනය කරන්න ලේසි වෙන්නේ නැහැ මහා ආණ්ඩුවට. (නි)

:       0       0

කමල් යොහාන් -පැරිස් Sunday, 22 September 2013 03:36 PM

විග්නේශ්වරන් මහතා ඡන්ද ප්‍රචාරක වැඩ වලදී මොනවා කළත් කිවුවත් උගත් මනුස්සයෙක් විදියට කටයුතු කරමින් අපේ රට ආපසු ලේ විලක් බවට පත් කිරීමට කටයුතු නොකරනු ඇතැයි සිතමි. (නි)

:       0       0

රන්ජි Sunday, 22 September 2013 03:39 PM

බලය හරි අයුරින් පාවිච්චි කරයි කියා බලාපොරොත්තු වෙමු (නි)

:       0       0

ඇසළ Sunday, 22 September 2013 04:04 PM

ඉදිරියේදී හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවන්. දුක අහිංසක සොල්දාදුවන් පූජා කරපු ජීවිත ගැන. (නි)

:       0       0

ටිරෝන් Sunday, 22 September 2013 04:08 PM

මොනවා වුණත් උතුරේ අයට ජාතික හැගීමක් තිබෙනවා (නි)

:       0       0

ගයාන් Sunday, 22 September 2013 04:24 PM

ඔහොම යමුකෝ සී විග්නේෂ්වරන් මහත්තයෝ (නි)

:       0       0

අජිත් Sunday, 22 September 2013 04:33 PM

බලය ඕනෑවට වැඩි වුණහමත් පිස්සු නටනවා මිනිස්සු.බලමු කොහොම කරයිද කියල? (නි)

:       0       0

හේරත් Monday, 23 September 2013 04:57 AM

අරගෙනුත් එක ලැබුනම හතරෙන් හතරයි.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site