IMG-LOGO

විග්නේෂ්වරන්ට ආයෙත් මහ ඇමතිකම නොලැබෙන හැඩයි

ඉදිරි උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක‍්ෂකයා වශයෙන් සී.වී.විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් නොකිරීමට හා නීති ක්ෂේත්‍රයේ වෙනත් ප්‍රවීණයෙකු මහ ඇමති අපේක‍්ෂකයා වශයෙන් යෙදවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමුව ඇතැයි එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

මේ අනුව දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක‍්ෂකයා වශයෙන් කාලයක් අධිකරණ සේවයේ සිටි පුද්ගලයෙකු යෙදවීමට කැමත්ත පළකර ඇති බවද වාර්තා වේ.

කලක පටන් උතුරු මහ ඇමති සී.වී විග්නේස්වරන්ගේ ක්‍රියාකලාපයත් දෙමළ ජාතික සන්ධානයේ තීන්දු තීරණ පිළිනොගැනීමත් පක්ෂයේ සමගිය බිද වැටෙන ආකාරයෙන් කටයුතු කිරීම හා දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරේ දේශපාලන පක‍්ෂ සමගින් කටයුතු කිරීම වැනි චෝදනාවන් පක්ෂ අභ්‍යන්තරයෙන් හා පරිබාහිරින් එල්ල වීම නිසා මෙම තීරණය ගත් බව වාර්තා වෙයි.

දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්‍ෂේප කර තිබියදී “එළුඟ තමිල්“ විරෝධතාවයට සහභාගී වී ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැගීමේ ක්‍රියාවලිය අවුල් කිරීමත් ජනතාව අතර බේද වන ආකාරයෙන් දේශපාලනය කිරීමත් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ

ඉදිරි පළාත් සභා මැතිවරණයට පෙර විග්නේෂ්වරන් මහ ඇමති ධූරයෙන් ඉවත් නොකෙරෙනු ඇති බවද කියයි.



අදහස් (0)

විග්නේෂ්වරන්ට ආයෙත් මහ ඇමතිකම නොලැබෙන හැඩයි

ගීගන Sunday, 02 October 2016 03:50 PM

අනිවාර්යයෙන්ම මෙයා කරන්නේ දකුණේ යම්කිසි සංවිධානයකට අවශ්‍ය ආකාරයට වැඩකිරීමක් වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

පෙරුමාල් Monday, 03 October 2016 07:13 AM

විග්නේශ්වරන් කොච්චර හොඳද පිස්සු නැත්නම් (හේ)

:       0       0

ජයතිලක Monday, 03 October 2016 07:14 AM

ඒක හොදයි.(හේ)

:       0       0

සුසිල් Sunday, 02 October 2016 04:43 PM

මට හිතෙන්නෙ විග්නේෂ්වරන් කරන්නෙ රඟපෑමක් කියලා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා- ප්‍රංශය Sunday, 02 October 2016 06:52 PM

මෙම උදාර තීරණයට සාමකාමී, එක්සත්, නොකැඩුන ශ්‍රී ලංකාවක් දෙස බලාසිටින සියලු ශ්‍රී ලාංකිකයන් සතුටු වෙනවා ඇත. උතුරේ මෙන්ම දකුණේ ප්‍රවීණ, නැණවත් දේශපාලන නායකයන්ද මෙවැනි වැදගත් තීන්දු තීරණ ගැනීමට පෙළඹුනොත්, ශ්‍රී ලංකාව මුළු ලෝකයේ කෙසේවෙතත්, මුළු ආසියාවේ සාමකාමිම රට බවට පත්වීම නොවැළැක්විය හැකි කරුණක් වෙනවාමයි. එමෙන්ම, බලකාමයෙන් මත්වී ජාතිවාදී අදහස් රට තුළ වපුරන කෙස්, රැවුල් පැහුණ උගත් යැයි සම්මත අයට, ඔවුන්ගේ දේශපාලන පක්ෂ මඟින් නිසි විනය දඬුවම් දියයුතු වෙනවා (නි)

:       0       0

තරංග කුමාරසිරි Monday, 03 October 2016 09:34 AM

ආටක නාටක (හේ)

:       0       0

සජී Monday, 03 October 2016 02:09 AM

මේවා අපිට විශ්වාස කරන්න පුලුවන්ද? (නි)

:       0       0

සහන් Monday, 03 October 2016 03:05 AM

උතුරේ ජාතිවාදී නායකයෝ මෙන්ම දකුණේ ජාතිවාදී නායකයොත් ඉවත් කරන්න ඕනේ . දෙගොල්ලොම යැපෙන්නේ මේ ජාතිවාදයෙන් තමයි (බ)

:       0       0

රොහාන් Sunday, 02 October 2016 12:17 PM

කොහොමද දන්නේ නැහැ අධිකරණ විනිසුරුවරයෙක් විදිහට වැඩ කලේ මේ තරම් ජාතිවාදී හැගිම් තියාගෙන. (ර)

:       0       0

නුවන් Sunday, 02 October 2016 12:22 PM

ලැබිල තිබුණු කාලේ කරපු දේවල් හොඳටම ඇති. (ර)

:       0       0

බණ්ඩාර Monday, 03 October 2016 04:52 AM

අළුයට ගිනිපුපුරු තියෙන කොට ඕනෑම වෙලාවක ගින්නක් ඇවිලෙන්න පුළුවන්,(හේ)

:       0       0

සෙනෙවි Sunday, 02 October 2016 02:08 PM

විග්නේෂ්වරන්ට මැරුණ ප්‍රභාකරන්ගේ අවතාරය වැහිල වගේ... (ර)

:       0       0

ඉසුරු Sunday, 02 October 2016 02:57 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

රන්ජිත් Sunday, 02 October 2016 03:15 PM

එහෙම වුණොත් අපිට සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site