
(සුජිත් හේවාජුලිගේ)
රජයේ විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්ගෙන් සියයට පනහක් පමණ පමණ හිඟ වීම හේතුවෙන් විගණන විමර්ශනවලට බරපතළ බාධා මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
ජාතික විගණන කාර්යාලයේ සිටිය යුතු විගණන නිලධාරීන් ප්‍රමාණය 1450 කි.
දැනට මෙහි සිටින්නේ නිලධාරීන් හත්සීයක් පමණ බව පැවසේ මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ විගණන නිලධාරින්ගේ බරපතල හිඟයක් පවතින බව පිළිගන්නා බවයි.
විගණන නිලධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වූ විභාගයකින් 460 දෙනෙකු තේරී ඇති බවත් ඔවුන් වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ ලබන මස 7- 8 පැවැත්වීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළේය. එම පිරිස බඳවා ගත් පසු බාධාකාරී තත්ත්වය නිමා වනු ඇතැයි ජාතික විගණන කාර්යාලයේ ප්‍රධානීහු පෙන්වා දෙති.
විගණන නිලධාරීන් ලොකු පිරිසක් පසුගිය කාලයේදී උසස්වීම් ලැබ ඇති අතර මෙම පුරප්පාඩු මතුවී ඇත්තේ ඉන් පසුව බව දැනගන්නට ඇත. විගණන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් බොහෝ විමර්ශන වලට නිලධාරීන් යොමු කිරීමේදී බරපතළ ගැටලු මතුවන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විගණනයේ පුටු බාගයට බාගයක් හිස්
ravin Thursday, 26 December 2024 12:17 PM
මෑත ඉතිහාසයේ විග්‍රහ වාර්තාවලින් පැහැදිලි වන්නේ, හිතාමතාම පුරප්පාඩු පිරවීම මගහැර අති බවකි. නිසි නිලධාරින් හිටියානම් කරපු හොරකම් මෙලහකට එලි වෙලා නේද?