වකුගඩු ජාවාරමට වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් නොවන පිරිසක් සම්බන්ධ වී ඇතැයි, වකුගඩු ජාවාරම පිළිබඳ පංච පුද්ගල විමර්ෂණ කමිටුවේ සභාපති දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්ද බණ්ඩා මහතා අද (05 ) පැවසීය.
වකුගඩු ජාවාරමට පෞද්ගලික රෝහල් 5 ක සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ දී වකුගඩු ජාවාරම පිළිබඳව පංච පුද්ගලවිමර්ෂණ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ලබා දුන් අවස්ථාවේ ඔහු කීය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වකුගඩු ජාවාරම පිළිබඳව වාර්තාව සෞඛ්‍ය ඇමති අතට
මාගලි ෆොන්සේකා Saturday, 06 February 2016 07:08 AM
රුධිර කාන්දුකරන යන්ත්‍ර තොගයක් කලක සිට මාලිගාවත්තේ රෝහලක(පැරිස් ආධාර යටතේ ) ප්‍රංශයෙන් දුන්නු අසරණ රෝගීන්ට සියලු පහසුම් ඇතිව එත් අද වන තුරු විවෘත කරලා නැ ඔය කියන කට්ටියයි ආණ්ඩුවේ කඹ ඇදිල්ල නිසා ඒවා දිරාපත් වෙනවා (බ)
ටිකිරි Saturday, 06 February 2016 12:55 AM
දැන් දැනගන්න ලැබෙයිනේ ඇත්ත (නි)
රන්ජිත් Saturday, 06 February 2016 01:15 AM
මේ පරීක්ෂණ වලට විරුද්ධවත් පොල් ගහන අය මේ රටේ ඉන්නවද බලමු (නි)
සනත් Friday, 05 February 2016 02:14 PM
ඇමතිතුමනි, උත්තර දෙන්න...(හේ)
ජයාත් Saturday, 06 February 2016 01:53 AM
කට්ටිය ඔක්කොම සීරුවෙන් බලාගෙන ඉඳිමු, වැරදිකාරයන් එල්ලනකම්. අමතක කරන්න එපා මේක මේ රටේ තවත් එක කමිටු වාර්තාවක් විතරක් වන බව (නි)
සුමිත්‍ර බස්නායක Friday, 05 February 2016 02:50 PM
ඇත්ත කියන්න.(හේ)
ජයවික්‍රම Saturday, 06 February 2016 02:37 AM
කොළඹ චැනල් සේවාවෙදි රෝගීන්ගෙන් අධික මුදලක් අය කරන වෛද්‍යවරුන් ගැනත් පරීක්ෂණයක් කරන්න. පිටපළාත්වල වෛද්‍යවරු සතියක් ඇතුළත රෝගීන්ට චාන්ස් එකක් දෙනවා නැවත නොමිලයේ එම වෛද්‍යවරයා හමුවන්න. කොළඹ එහෙම බැහැ. ආයෙත් චැනල් කරන්න ඕනෑ (නි)
ජයනාත් Saturday, 06 February 2016 04:19 PM
ඔය කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික තියනවා..! වකුගඩු බද්ධය හැමෝටම කල නොහැකියි. එමනිසා අති බැරෑරුම් වූ චෝදනාවකින් මිදෙන්න වෙනවා අපේ ජීවකයනට,ඔවූන්ගේ මුදලට කෑදර වූ කිහිප දෙනකු නිසා. .ඉන්දියාවේ මේ චෝදනාව සතය වියහැකි වුනත් එහි යටි අරමුණකුත් ඇතිබව හැඟෙනවා ලංකාවේ කීර්තිමත් වෛද්‍ය ක්ෂේත්‍රය හැල්ලුවට ලක් කිරීමට .(හේ)
හෆීල් Saturday, 06 February 2016 03:22 AM
ඇමතිතුමනි, මේකත් අර වගේ කාලය නාස්තිකරන වැඩක් වෙයිද? (නි)
දහම් Saturday, 06 February 2016 09:44 AM
එයත් දත්, මෙයත් දත්, අපි නොදත්! (නි)
ප්‍රදීප් Saturday, 06 February 2016 06:47 PM
සීසීටීවී දර්ශන නැද්ද? එහෙනම් පංච පුද්ගල කමිටු ඕනෑත් නැහැ. (නි)
හරිශ්චන්ද්‍ර Friday, 05 February 2016 05:31 PM
අපිට ඇත්ත කියන්න දැන් (නි)
අප්පුහාමි Friday, 05 February 2016 06:01 PM
අනේ මගේ කට! (නි)
සේන Saturday, 06 February 2016 05:24 AM
ඔය වගේ දේවල් ඉන්දියාවේ ඕන තරම් වෙනවා මේක අපේ දොස්තරලාට ලෙඩක් අදින්න එහෙ ජාවාරම් කාරයෝ දාපු උප්පරවැට්ටියක්. (බ)
රත්න Saturday, 06 February 2016 05:39 AM
ඇත්තටම මේක ජාවාරමක්ද, පරීක්ෂණ වලට පෙර කියන්නේ කොහොමද ? මොකද මේකෙදි වකුගඩු ලබා ගැනීම සහ ලබා දීම කැමැත්තෙන් වෙනවා නම් වෛද්‍යවරු කරලා තියෙන්නේ ඔවුන්ට සේවාව සපැයිම සහ එයට ගාස්තුවක් ලබා ගැනීම. අනික විදෙස් මුදල් රටට ලැබීමත් මේකෙන් වෙනවා. (අ)
රන්ජිත් Sunday, 07 February 2016 12:56 AM
වාර්තා වලින් දඬුවම් දෙන එක මොකක් වුණත් මිනිසුන්ගේ අවයව හොරකම් කළවුන්ට දෙවියෝ බලා දඬුවම් දෙනු ඇත (නි)
සේනක Friday, 05 February 2016 07:11 PM
ගරු ඇමතිතුමනි, මේ ගැන සොයාබලනවා වගේ අපේ රටේ ඉන්න 80,000 ක් පමණ වන්නාවූ අහිංසක වකුගඩු රෝගීන් ගැනත් සොයා බැලුවොත් හොඳයි නේද? එකී රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වල හිඟයක් තියනවා කියලා වාර්තා වෙනවා. රුධිර කාන්දුකරන යන්ත්‍ර වලත් හිඟයක් නිසා අසරණ රෝගීන් පුද්ගලික රෝහල් වලට ගිහිල්ලා ගිනි ගණන් දෙනවා කණකර උගස් තියලා, ඉන්න ගේ දොර උගස් තියලා. මේ අසරණ ලෙඩුන්ට මෙහෙම කරන එක නම් ලොකු අපරාධයක්. නිදහස් සුව සේවයක් ගැන කියලා තමයි පාරම් බාන්නේ. (නි)