IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන  MD 2 හෙවත් Super Sweet pine apple  (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ  දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

MD 2 අන්නාසි ප්‍රභේදය සඳහා ලෝක වෙළෙඳපොළේ  විශාල ඉල්ලුමක් පැවතිය ද මේ වන තෙක් එම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීමට පියවර ගෙන නැතැයි ද මිහිරි රසයකින්  මෙන්ම අවම ආම්ලිකතාවයකින් යුත් එම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීම සඳහා කළ පර්යේෂණ සාර්ථක වී ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

මේ නිසා බෝග නිදහස් කමිටුවේ නිර්දේශ යටතේ මෙම MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා නිර්දේශ කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

 කෘෂි අංශ නවීකරණ වැඩ සටහන යටතේ මෙම MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාවට  කළ පර්යේෂණ සාර්ථක වී තිබෙන අතර ගොවීන්ද මෙම අන්නාසි ප්‍රභේදය වගා  කිරීම සඳහා කැමැත්ත පළ කර ඇතැයි කෘෂිකර්ම  අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (12)

ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි

ravin Tuesday, 16 April 2024 12:51 PM

ලංකාවේ තිබුණු පැරණි අන්නාසි ප්‍රභේදයක් වන මුර්සි අන්නාසි වලට මොකද උනේ ?

:       2       35

Kapila Tuesday, 16 April 2024 01:10 PM

මේකට අවසර දුන්නොත් අපේ සම්ප්‍රදායික මුරිසි අන්නාසි ප්‍රභේදයට අබ සරණයි. බිබිලේ දොඩම් වලට වෙච්ච දෙ මතකයි නේද?

:       7       28

මමWednesday, 17 April 2024 05:31 AM

නේරංජනාවත් මෙහෙ තියෙනෝ වගේ මුරිසියත් මේකේ ඇතුලේමද දන්නෑ තියෙන්නේ

:       0       3

lankaputha Tuesday, 16 April 2024 01:27 PM

මුරිසි... මුරිසි දූපතෙන් ප්‍රභේදයක් ආවා වගේද? මම පිටරට ජීවත් වෙන කෙනෙක්, ඇත්තම කියනවා නම්, ලංකාවේ දැනට තියෙන ප්‍රභේද තරම්ම අඩුම තරමේ අන්නාසි ගෙඩියක රස බලන්න... ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ දිය සහිත අඹ සහ අන්නාසි වර්ග දෙකයි. පැපොල් ගෙඩියේ පවා රස නැත.. ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රසීලයේ අන්නාසි තිබේ, ශ්‍රී ලංකාවේ ප්‍රභේද තරම් රසවත් නොවේ. ශ්‍රී ලංකාවේ රසට සමාන අඹ හෝ ගස්ලබු නැත.. ශ්‍රී ලංකාවට අලුත් ව්‍යාපාර කිහිපයක් ආරම්භ කළ හැක...

:       2       42

ranjith Tuesday, 16 April 2024 02:10 PM

අනෙක් භෝග බීජ රටෙන් ගෙන්වලා අද දේශීය බීජ සොයාගන්නවත් නැහැ

:       6       21

Sagara Tuesday, 16 April 2024 06:17 PM

බොහොම ප්‍රවේශමෙන් කලයුතු වැඩක්.මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර රජය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහ අපගේ විද්‍යාඥයන්ගෙන් උපදෙස් ලබා ගත යුතුය.

:       0       1

Pradeep ranasingha Tuesday, 16 April 2024 08:41 PM

ලංකාවේ දැනට තියෙන අන්නාසි තමා හොඳම එක.. මේ ඒකට වින කටින්න කොමිස් කුට්ටියක් ගන්නා වැඩක් වගේ... මොවුන්ව සත පහකට විශ්වාස කරන්න පුළුවන් ජාතියක් නෙමෙයි....

:       0       4

Sam Tuesday, 16 April 2024 09:12 PM

මෙයා ලංකාවේ තියෙන අන්නාසි වලටත් කෙළින්න යන්නේ...

:       1       2

මම Wednesday, 17 April 2024 05:28 AM

අලි වැඩේ, මුරිසියෙන් ගෙනා අන්නාසි පරිස්සං කරගන්ට පිටින් වෙන අන්නාසි ගෙන එක තහනං කරගන්ට වෙලා

:       1       3

Perera Wednesday, 17 April 2024 07:24 AM

ඔය ලංකාවට උරුම රසයි කියන අන්නාසිත් ආවේ පිටරටින් බං. මුරුසි අන්නසි මෙහාට ආවෙ මුරුසි දිවයිනෙන්.

:       0       5

Bunny Preena Wednesday, 17 April 2024 09:01 AM

තියන අන්නාසි වගාව දියුණු කරන්නේ නැතුව මොන කෙන්ගෙඩියක් කරනවද මන්දා ?කොමිස් කුට්ටියක්වත් ලැබෙනවද ?

:       4       2

Sandun Thursday, 18 April 2024 09:06 AM

ලෝකේ රසම අන්නාසි කොහොමත් තියෙන්නේ ලංකාවේ

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙන්යාවේ වේල්ලක් කැඩී 42 ක් මරුට
2024 අප්‍රේල් මස 30 25 0

දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්‍, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය.


විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි
2024 අප්‍රේල් මස 30 581 0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.


බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්
2024 අප්‍රේල් මස 29 388 0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං


කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
2024 අප්‍රේල් මස 29 330 0

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර


තනිව සිටි නීතිවේදනිය මරා දමලා
2024 අප්‍රේල් මස 29 638 0

නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 134 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1788 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site