(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය කාලයේදී වරින්වර දී ඇති විවිධ නිර්දේශ බොහෝ ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කර නැතැයි වාර්තා වේ.
මේ අනුව තම නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී දැඩිව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දි ඇත.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පුලුල්ව දැනුවත් කිරීමටද එම කොමිෂන් සභාව තීරණය කර ඇත. තම නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් අදාල ආයතන ප්‍රධානීන් එම වගකීම බාරගත යුතු බවද කොමිසම දැනුම් දෙයි.
ඇතැම් ප්‍රධානීන් කොමිසමේ නිර්දේශවලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇතැයි පවසමින් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පැහැර හරින බවත් නිර්දේශවලට එරෙහිව අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් නොමැති බැවින් අභියාචනා යොමු කර නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමට නීතිමය හැකියාවක් කිසිවකුටත් නැති බවත් ප්‍රකාශ කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලොක්කො රොත්තක් මානව කොමිසමට පයින් ගහලා
Bunny Preena Wednesday, 16 July 2025 11:37 AM
නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැතිනම් වැඩ තහනම් කරන්න.