IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලංසු තැබීමේ ලියවිල්ල මාර්තු 31 වැනිදාට පෙර

වසර 2017 දී පැවැත්වෙන තෙවැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ ලංසු තැබීමේ ලියවිල්ල සකස් කිරීම ආරම්භ කළ බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පවසයි. තුන් වැනි වරටත් පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ ලංසු තැබීමේ ලියවිල්ල ලබන මාර්තු 31 වැනිදාට පෙර ආසියානු ඔලිම්පික් සභාවට බාර දිය යුතුය. ක‍්‍රීඩා උළෙලේ සත්කාරය නිසැකවම ශ්‍රී ලංකාවට හිමි වන බවත් ඒ පිළිබඳව ජාතික ඔලිම්පික් කමිටුවේ විශ්වාසය 95%ක් වන තරමට මේ වන විට තහවුරු වී තිබෙන බවත් ලංකාදීපය කළ විමසුමක දී හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසීය. ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ වැදගත්කම වන්නේ ආසියාවේ රටවල් ලෝක ජනගහණයෙන් තුනෙන් දෙකක්ම නියෝජනය කරන බැවිනි. මෙම ක‍්‍රීඩා උළෙලට පැමිණෙන රටවල් තමන් සහභාගි කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හා නිලධාරීන් වෙනුවෙන් ගුවන් ප‍්‍රවේශ පත‍්‍රය වියදම මෙන්ම දෛනික වියදම් වශයෙන් ඇමරිකානු ඩොලර් 50ක් දැරිය යුතුය. ”මේ ක‍්‍රීඩා උළෙලට සත්කාරය දරන රටට වැය වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ සත්කාරය දැරීමට යන වියදමින් දහයෙන් එකක් තරම් වන මුදලක්. ඒ නිසා ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ දී සංවිධාන කිරීම පහසුවෙන් කරන්න පුළුවන්,” යයි ද ප‍්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය. 2017 දී ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ සත්කාරය දැරීමට මලයාසියාව හා වියට්නාමය උත්සාහ කර ඇතත් ශ්‍රී ලංකාව ඒ සඳහා උනන්දු වන්නේ නම් ශ්‍රී ලංකාවට සහයෝගය දීමට එම රටවල් ප‍්‍රතිඥා දී තිබෙන බව ද වාර්තා වේ. එම තත්ත්වය තුළ ක‍්‍රීඩා උළෙලට ලංසු තැබීමේ ලියවිල්ල ඉතා ඉක්මණින්ම සූදානම් කිරීමට ශ‍්‍රී ලංකාව තීරණය කර තිබේ. ඒ සඳහා සහභාගි වන රටවල් ගණන 45කි. පළමු ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල වසර 2009 දී සිංගප්පූරුවේ දී පැවැත්වෙන විට ඔවුන්ට සත්කාරය දැරීමට ලැබී ඇත්තේ වසරක් වැනි කෙටි කාලයකි. එහෙත් ශ්‍රී ලංකාවට ඒ සඳහා වසර පහක් වැනි දීර්ග කාලයක් ලැබී තිබේ.



අදහස් (0)

ලංසු තැබීමේ ලියවිල්ල මාර්තු 31 වැනිදාට පෙර

ඉන්ද්‍රජිත් Monday, 13 February 2012 03:14 PM

අපේ රටේ ජනතාවට තවත් පටි තද කරගන්න ඉඩක් නැත. මිනිස්සුන්ට සහනයක් දෙන්න කියනකොට තමයි ආණ්ඩුවට අහේනිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site