ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් කතෘ මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා බුද්ධි අංශ සාජන් මේජර්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරිමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අවසර දුන්නේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලසන්ත ඝාතනය ගැන සාජන් මේජර්ගෙන් ප්‍රශ්න කරයි.
ශාන් Sunday, 17 July 2016 09:25 AM
තිලක්, ඔයාගේ ඔලුව ඇතුළේ ඔක්කොම අදහස් වේළිලා වගේ, ඩුබායි වල මේ දවස් වල තියෙන රස්නෙට (නි)
සුසන්ත Sunday, 17 July 2016 10:05 AM
දැන් ඉන්න සහජීවනවාදින්ට 2009 ට කලින් කාලය මතක නැහැනේ නේද? ඉතින් මේවා කියලා වැඩක් වෙන එකක් නැහැනේ. (නි)
සෑම් Saturday, 16 July 2016 09:45 PM
මේවගේ අහස පොළව නුහුලන අපරාධ කරපු සහ කරවපු සියලු දෙනාටම නීතියෙන් ගැළවුමක් ලැබුනත් ස්වභාව ධර්මයෙන් සහ තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැළවීමක් නැහැ (නි)
සුසිල් Sunday, 17 July 2016 12:37 AM
බලාගෙන යනකොට බුද්ධි අංශය ඒ කාලෙ මේ වගේ දේවලුත් කරලනෙ. දැන් කියයි රණවිරුවෝ, පළිගන්නවෝ කියලා. (නි)
නිමල් ලලිත Sunday, 17 July 2016 01:39 AM
ජනතාවට මහා පරිමාණයෙන් බොරු කියා ලබාගත් බලය රැක ගැනීමට අද සිටින සමහර බඩගෝස්තරවාදී දේශපාලකයන් හැම ජරා වැඩක්ම කරනවා. එයට පක්ෂ බේදයක් නැහැ. හිටපු පාලකයාට මඩ ගසමින් දැන් තියෙන පාලනයට කත්අදින සමහර උපාසක අප්පුලාට 88/89 අමතකවෙලා. (නි)
බුද්ධික Sunday, 17 July 2016 02:44 AM
නිමල්, තාමත් කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ 88/89 ගැන විතරයි නේද? පව් ඔයා. (නි)
ශාන්ත Sunday, 17 July 2016 02:53 AM
නිමල් ලාලිත, 88/89 වකවානුව ගැන පරීක්ෂණ කරන්න ඕනෑතරම් කල් තිබුණා. ඔයාගේ නායකයා තවදුරටත් බලයේ හිටියා නම් 88/89 ට වඩා ලොකු භීෂණයක් උදා කරනවා. (නි)
පසන්-මෙල්බන් Sunday, 17 July 2016 04:02 AM
නිමල් ලලිත, ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය විමර්ශනයට ඔබ යෝජනා කරන ක්‍රමවේදය කුමක්ද? 88/89 මතකයේ තබාගෙන සිටීම පමණක්ද? (නි)
මැටිපහන Sunday, 17 July 2016 04:49 AM
ලංකාවේ ඝාතන සංස්කෘතියක් තිබෙනවා. මම දන්නා ගොඩක් දෙනෙක් ඉන්නවා මරන්නම තමයි කතාව. ඕකව මරලා ගස් ගියත් කමක් නැහැ කියලා කෙළින්ම කියනවා. විහිලුවට කියන්නෙත් මරලා දැම්මා නම් හරි කියලයි. සමහරු ඉන්නවා ටෙලිෆෝන් එකෙන් තර්ජනය කරනවා. සමහරු හොරෙන් ප්ලෑන් කරනවා. මම බොරු නෙමෙයි නේද කියන්නේ? (නි)
තිලක්-ඩුබායි Sunday, 17 July 2016 04:59 AM
සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග පසුගිය කාලේ දුෂණ ගැන සත්‍ය රටට හෙළිකරන්න ගිහින්නේ දංගෙඩියට බෙල්ල තිබ්බේ. අපේ රටේ තත්ත්වය ගැන අපිට හරිම දුකයි. (නි)
ලංකානි Sunday, 17 July 2016 05:01 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 17 July 2016 07:53 AM
මට දුක තවමත් රාජපක්ෂවරුන් මත්තේ මැරෙන්න හදන සමහරු ගැනයි.