IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


‘ලෙස්ටර් කෞතුකාගාරය පිටුපස රජ ගැහිලි‘

(සුජිත් හේවාජුලිගේ)

සිනමා ඉසිවර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් කෞතුකාගාරයක් හා සිනමා පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී සිදුවී ඇතැයි කියන  අක්‍රමිකතා සම්බන්ධයෙන්  විමර්ශනයක් පවත්වන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ජාතික චිත්‍රපටි  සංස්ථාවේ  ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

එම කමිටුව පවසන අන්දමට මෙම කෞතුකාගාරය හා සිනමා පාසල ඉදි කෙරෙන්නේ රුපියල් කෝටි දහයකට වැඩි ඇස්තමේන්තුවක් මතය.

මේ කෞතුකාගාරය සහ සිනමා පාසලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් මස 5 වැනිදාය. ඉදිකිරීම් කටයුතු එම වර්ෂයේ ජුලි  මස 10 වෙනි දින අවසන් කිරීමට නියමිතව තිබුණද  ඒ කටයුතු  අතරමග නතර වීම පිළිබඳවද   කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත.

කෝප් කමිටුව කළ විමසුමකදී  ජාතික චිත්‍රපට සංස්ථාවේ  අභ්‍යන්තර විගණක පවසා ඇත්තේ  එම කටයුත්ත සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බවයි.

එම ඉදිකිරීම්වල පළමු අදියර සඳහා රුපියල් ලක්ෂ 60ක බිල් ඉදිරිපත්වූ බවත්  ඉන් ලක්ෂ 40ක බිල්පත්  නිරවුල් කර ඇති බවත්  ඔහු වැඩිදුරටත් පවසා  ඇත.

මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවට ප්‍රකාශයක් ලබාදී ඇති සංස්ථාවේ  නිලධාරියකු පවසා ඇත්තේ  එම ක්‍රියාවලියේදී සිදුවී ඇතැයි කියන  අක්‍රමිකතා පිළිබඳව  විමර්ශන පැවැත්වීම සඳහා නිලධාරියකු පත් කර ඇති බවයි.



අදහස් (5)

‘ලෙස්ටර් කෞතුකාගාරය පිටුපස රජ ගැහිලි‘

sam Saturday, 18 June 2022 12:45 PM

අනිවාර්යයෙන් සාටක ජරාපක්ෂලාගේ කවුරුහරි මේක පිටිපස්සේ ඇති... ඔවුන්ගේ කාලකණ්ණි පවුලටම හෙණම ගහනවා මේ රටට කළ අපරාදෙට...

:       2       10

kamalSaturday, 18 June 2022 04:11 PM

මේ පවුලට බලේ දුන්නේ කවුද? ඔවුන්ටත් ඔය කියන හෙණම වදින්න ඕනේ නේද?

:       2       5

sudathSaturday, 18 June 2022 07:41 PM

නැතිනම් කාටද ඡන්දෙ දෙන්නේ? දෙපැත්තට බෙදිලා පොරකාපු යහපාලනයටද? හොරු අල්ලනවා කියා ඇවිත් දැන් හොරු සමග නිදාගන්න අයද?

:       2       3

ranjith Saturday, 18 June 2022 06:07 PM

පසුගිය රජය සහ මේ රජය මහජන මුදල් කාබාසිනියා කරලා තියෙන අන්දම. කෝප් කමිටුවේදී මැනවින් ඔප්පු වෙනවා. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව බිලියන ගණනක් වැයකරලා කිසිම ආදායමක් නැතිලු. මේ වගේ අපරාධවලට වගකිව යුතු අය අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරන්න. මේ ජනතාව දුක් විඳින්නේ මෙයාලා කරපු වැඩ නිසා...

:       0       9

nanda Saturday, 18 June 2022 06:38 PM

ජනතාව දුක් විඳින්නේ රුපියල් බිලියන ගණන් වැයකරලා නිෂ්ප්‍රයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු පාලකයෝ නීතිය ඉදිරියට ගෙනත් එම මුදල් අයකරගන්න විදිහක් නැතිනම් ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙන්න. හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවට බිලියන ගණනක් වැයකරපු මෝඩපාලකයන්ට විශ්ව විද්‍යාලයක් හරි හැදුවා නම් මොකද වෙන්නේ?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 213 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 223 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site