IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලූෂන් එක්ක කතාවක්...

20160311-ent-114

‘‘රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ’’, ‘‘පිපුණු මලේ රුව එමල දනීදෝ’’, ‘‘දම්පාටින් ළා සඳ බැස යනවා’’ ඇතුළු අමරණීය ගීත සිය ගණනක රචකයා වන්නේද ඔහුය.

‘‘තාරාවෝ ඉගිලෙති’’, ‘‘රතු හැට්ටකාරී’’ වේදිකා නාට්‍ය වල නිර්මාතෘවරයා වන්නේද ඔහුය. ගුවන් විදුලි නිවේදකයෙකු හා ජාතික රූපවාහිනියේ උසස් නිලතල දරාසිටි ලූෂන් බුලත්සිංහල මහතා ප‍්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට රංගන ශිල්පියකු හැටියටද හැඳින්විය හැකිය. ඔහු නිරත වී සිටි එම කේෂ්ත‍්‍රයන් හා සම්බන්ධ අපූරු අත්දැකීම් සහිත මතකයෙන් බිඳක් ගෙන එන්නේ මෙසේය.

සිත හැඬවූ සිද්ධීන් තමයි මගේ කලා ජීවිතයේ බොහොමයක්ම තිබෙන්නේ. මම ජාතික ගුවන් විදුලියේ ස්ථීර නිවේදක තනතුරට බැඳුණේ රාජ්‍ය සේවයෙන් ඉවත්වෙලා. ඒ 1971 වසරේදී. පේ‍්‍රමකීර්ති ද අල්විස්, ධර්ම ශ්‍රී වික‍්‍රමසිංහ වැනි අය ජ්‍යෙෂ්ඨයින් හැටියට සේවයේ යෙදිලා හිටියා.

එක දවසක් මම රාත‍්‍රී ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය කියවලා අවමඟුල් දැන්වීම් ටිකත් ඉදිරිපත් කරලා ඒ විස්තරය පොතක සටහන් කළා. ඊට පස්සෙ ජිනසේන යකුපිටිය මහත්මයාට මැදිරිය බාරදීලා මං ගෙදර යන්න පිටත් වුණා. මම බස්නැවතුම් පොළේ ඉන්නකොට එදා ශබ්ද පරිපාලකයාව සිටි යූ. ආරියවිමල් දුවගෙන දුවගෙන ඇවිත් කිව්වා එක අවමඟුල් දැන්වීමක් උඹ කියවලා නැහැ පැමිණිල්ලකුත් ලැබිලා තියෙනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා උඹට එන්න කියනවයි කියලා.

සියලූම අවමඟුල් දැන්වීම් කියවූ බවට මට හොඳට මතකයි. ඔය නොකියවූයැයි කියන අවමඟුල තියෙන්නේ කිරුළපන පළාතේ. අපි යමු ඒ ගෙදරට කියලා මම ආරිත් එක්ක ඒ රාත‍්‍රීයේම අවමඟුල් ගෙදරට ගියා. විස්තරය කිව්වම අවමඟුල් දැන්වීම ප‍්‍රචාරය වුණා කියලත් කිව්වා. මම පත්වී සිටින තත්ත්වය පැහැදිළිකරලා දීලා ඒ නිවසේ වගකිවයුත්තෙකුගෙන් ඒ සම්බන්ධව සහතිකයකුත් ඉල්ලගෙන ගුවන් විදුලි කාර්යාලයට ගියා. අර සහතිකය අධ්‍යක්ෂතුමාට ඉදිරිපත් කළාම එතුමා නිහඬ වුණා. මට තේරුම් ගියා මට විරුද්ධව කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වුණා කියලා.

ඊළඟ සිද්ධියත් ගුවන් විදුලියට සම්බන්ධයි. එදා සේවා මුරය තිබුණේ පේ‍්‍රමකිර්ති ද අල්විස්ට. මම නිකමට වගේ ඒ මැදිරියට එනකොට මම දැක්කා පේ‍්‍රමකීර්තිගේ අතේ සිගරැට්ටුවක් තියෙනවා. ඒ එක්ක බලාපොරොත්තු නොවුණු විදියට අධ්‍යක්ෂ ජනරාල්තුමා මැදිරියට ආවා. කව්ද මැදිරිය ඇතුළේ සිගරැට් බොන්නේ කියලා එතුමා මගෙන් ඇහුවා. මම නැහැයි කිව්වා. වෙන්න බැහැ මුළු මැදිරියම සිගරැට් ගඳයි. මේ ප‍්‍රශ්න කිරීම නිසා මට පේ‍්‍රමකීර්තිට අනතුරු ඇඟවීමක් කරන්න විදියක් නැතුව ගියා.

20160311-ent-115ඊට පස්සෙ අධ්‍යක්ෂ ජනරාල්තුමා එහේ මෙහේ බලලා ටිකක් කේන්තියෙන් වගේ යන්න ගියා. මම ටක් ගාලා පේ‍්‍රමකීර්ති ළඟට ගිහිල්ලා කෝ සිගරැුට් එක කියලා ඇහුවා. මම සිගරැට් එක ගිල්ලා බං. පේ‍්‍රමකීර්ති උත්තර දුන්නා.

"මගේ ‘‘තාරාවෝ ඉඟිලෙති" වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය පැවැත්වූයේ 1981 වසරේ ජූලි මාසයේ දවසක කොළඹ ලූම්බිණි ශාලාවේදී. මේ මංගල දර්ශනයේ ප‍්‍රධාන ආරාධිතයා හැටියට සහභාගි වෙන්න ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් ඒමන් කාරියකරවන මහතාටත් මම ආරාධනා කළා.

නමුත් මංගල දර්ශනය අවසන් වුණායින් පස්සෙ ඔය ලූෂන් බුලත්සිංහල කියන එක්කෙනාට එන්න කියනවා කියලා මට පණිවුඩයක් එව්වා. හෙට උදේ 9.00ට මාව හම්බවෙන්න එනවා කියලා එතුමා යන්න ගියා එවකට ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ පාලනයක් තිබුණු නිසා මට ලොකුබයක් ඇතිවුණා.

ඊට පසුවදා උදේ එතුමා හමුවට මම ගියා. ‘‘තාරාවෝ ඉඟිලෙති" නාට්‍යයේ සංගීතය බොහෝම හොඳයි. කාගෙද සංගීතය?

ගුණදාස කපුගේ,

මම එන්න කිව්වේ තමුසේගේ නාට්‍යය ගුවන් විදුලි සංස්ථා සුබසාධක සංගමයට ආධාර පිණිස ලංකාවේ නගර දහයක දර්ශන වාර දහයක් පවත්වන්න ඕනෑ මාස තුනක් ඇතුළත, අය කිරීම කීයද? එතුමා එහෙම කිව්වම මට අදහාගන්න බැරිව ගියා.

කොහොම හරි අපි කතාකරගත් පරිදි ‘‘තාරාවෝ ඉඟිලෙති’’ නාට්‍යය නගර දහයක වේදිකා ගත කරලා අවසන් කළා. සම්පූර්ණ ප‍්‍රචාරක කටයුතු සිදුකළේ ගුවන් විදුලියෙන්, ඒ ප‍්‍රචාරය නාට්‍යය ජනතාව අතරට ගෙනයන්න විශාල පිටුවහලක් වූ බව කිව යුත්තක්.

මෙයට එරෙහිවූ එවකට සිටි නාට්‍ය නිෂ්පාදකවරුන් ගුවන් විදුලියට කියා සිටියා. තමන්ගේ නාට්‍යයක් ලබාගෙන ප‍්‍රචාරයක් ලබාදෙන්න කියලා. මෙම ඉල්ලීම ප‍්‍රයෝජනයට ගත් අපේ බලධාරියා, ඒ නිෂ්පාදකවරුනට කියා සිටියා ඔබගේ නාට්‍ය නොමිලේ ලබාදෙන්න ප‍්‍රචාරක කටයුතු නොමිලේ ලබාදෙන්නම් කියලා මගේ නාට්‍යයෙන් පස්සේ මෙන්න මේ ප‍්‍රතිපත්තිය තමයි දිගටම ක‍්‍රියාත්මක කෙරුණේ.

ගුවන් විදුලියේ මම සමඟ එකට වැඩකළ කෙනෙක් තමයි බන්දුල විතානගේ. ඔහු ප‍්‍රවීණ නාට්‍යවේදියෙක් - නළුවෙක්, එකදවසක් එවකට ගුවන් විදුලියෙ බලධාරියාව සිටි තේවිස් ගුරුගේ මහත්මයා, අපි දෙන්නා කැඳවලා හෙට මැලේසියාවට යන්න ලෑස්තිවෙන්න කිව්වා. සර් පාස්පෝට් එකවත් අපි ළඟ නැහැනේ කිව්වම ගිහිල්ලා ටක්ගාලා හදාගන්නවා කිව්වා. ඒ වෙනකොට ගුවන් විදුලි කාර්යාලය ඉදිරිපිට තියන ජාතික රූපවාහිනියේ ගොඩනැගිලි ටික ඉදිකරමින් පැවතුණා.

20160311-ent-117අපි කණ්ඩායමක්ම ඊට පසුවදාම මැලේසියාවට පිටත්ව ගියා රූපවාහිනී මැදිරි වැඩසටහන් පිළිබඳව පුහුණුවක් ලබන්න.

නැවත ලංකාවට එන ගමනේදී සිංගප්පූරුවටත් යන්න අවස්ථාව ලැබුණා මට "මම ‘‘තාරාවෝ ඉඟිලෙති" නාට්‍යයට සොබාව දේ....... ගීතය ලියනකොට මම සිංගප්පූරුවට ගිහිල්ලා තිබුණේ නැහැ. ඒත් සිංගප්පූරුවට ගියාම මට තේරුණා මම මවාගෙන හිටපු සිංගප්පූරුවේ තිබෙන පරිසරය ඒ වගේම තිබෙනවා කියලා. මට එදා විශාල සතුටක් ඇතිවුණා මගේ පරිකල්පන ශක්තිය ගැන. මායි බන්දුල විතානගේ රූපවාහිනියේ සේවයට ඇතුළ් කළා. අපේ සේවයේ ස්වභාවය අනුව දිවා ආහාරයට නියමිත වෙලාවක් අපට තිබුණේ නැහැ. ඒ නිසා ආයතනයේ ලේකම්ට දන්වා මමයි බන්දුලයි මගේ වාහනයෙන්ම බම්බලපිටියේ ග‍්‍රීන්ලන්ඞ් හෝටලයට ගියා දිවා ආහාරය ගන්න.

අපි එන්න සූදානම් වෙනකොට මගේ වාහනයේ රෝදයක හුළං ගිහිල්ලා. ඒකත් හදාගෙන එනකොට රූපවාහිනියේ ආරක්ෂක නිලධාරීන් දඩිබිඩිගාලා ගේට්ටුව වහලා දැම්මා. ත‍්‍රස්තවාදීන් දෙන්නෙක් රූපවාහිනියට ඇතුල්වීම වළක්වන්න හදනවා වගෙයි ඒ වෙලාවේ ගේට්ටුව වහලා දැම්මේ.

ඊට පස්සෙ බලධාරියෙක් ඇවිත් අපිව රූපවාහිනිය ඇතුළට එක්කරගෙන ගියා. අපෙන් කටඋත්තරයක් ගත්තා. වහාම ක‍්‍රියාත්මක වන පරිදි අපි දෙන්නගේ වැඩ තහනම් කළා. ඊට පස්සෙ ලිපියක් ආවා ඔබ නිවැරදිකරුයි කියලා. ඒ සමගම තවත් ලිපියක් අපි දෙන්නට ලැබුණා. ඔබගේ සේවය ජාතික රූපවාහිනියට අනවශ්‍යයි කියලා. එදා සිට අද වනතුරු මම ගෙදර අහිංසක බන්දුල විතානගේ ජීවිතයෙන් සමුගත්තා. මෙන්න මේ වගේ සිද්ධීන් නිසා තමයි මම මුලටම කිව්වේ මගේ කලා ජීවිතයේ බොහෝමයක් මතක සටහන් සිත් රිදවුණු දේවල් කියලා.

 

අමරදාස සිල්වා

sandalla

 

20160311-ent-116



අදහස් (0)

ලූෂන් එක්ක කතාවක්...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site