IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලොව වටා රැගෙන ගිය ලොකුම මැණික කටුනායකට

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

කහවත්ත ප්‍රදේශයෙන් පසුගිය වසරේ පෙබරවාරි මස හමුවූ කිලෝග්‍රෑම් 510 කින් යුත් ‘නිල් ආරනූල් කොරන්ඩම් ස්පිටික’ වර්ගයේ ස්වාභාවික මැණික් පොකුර රටවල් ගණනාවකට ගෙන යෑමෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.

ලොව විශාලතම මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසූ මෙම මැණික මේ වන විට කටුනායක ගුවන්තොටුපලේ තිබෙන බව වාර්තා වේ.

මෙම මැණික් පොකුර ස්විස්ටර්ලන්තයේ ‘ගබ්ලින් ජෙම් ලැබ්’ නැමැති විද්‍යාගාරයේ කළ පරීක්ෂණවලින් අවම වටිනාකම රුපියල් මිලියන 2000 ක් හෙවත් කෝටි 200 ක් පමණ බවට තක්සේරු කර ඇති බවත් ස්වර්ණාභරණ අධිකාරිය එවකට පැවසීය.



අදහස් (16)

ලොව වටා රැගෙන ගිය ලොකුම මැණික කටුනායකට

ජෙමා Wednesday, 18 January 2023 06:08 PM

එවකට කෝටි 200 ක් වෙච්චි එක මෙවකට තුට්ටුවක්වත් වටින්නෙ නෑ ලු ද?

:       0       2

පිටිගල මිලානෝ Wednesday, 18 January 2023 06:08 PM

චන්දෙ කාලෙට මතුවන අමුතු මැණික….!

:       0       3

galegedara Wednesday, 18 January 2023 07:19 PM

ඕක තොටුපළකට ගිහින් දාන්න... යම් කෙනෙකුට රෙදිටිකවත් අපුල්ලගන්න පුළුවන්නේ...

:       0       0

ජගත් ලියනගේ Wednesday, 18 January 2023 07:20 PM

ඔච්චර වටිනා කමක් තියන එක්ක නං ඕක වෙන්දේසියේ දාන්නේ නැහැ . ඕක දැන් තියෙන්නෙ අරයගෙ ගෙදර .

:       0       0

fairoos Wednesday, 18 January 2023 07:42 PM

ඉතින් ඕක දීලා ඩොලර් ටිකක් හරි හොයාගන්න පුළුවන්නේ...? නිකන් ෂෝ විතරයි...

:       0       0

විපරමා Wednesday, 18 January 2023 08:25 PM

බලාගෙන, ඩේසි ආච්චිගේ මැණික් මල්ලට වැටෙන්ඩ බැරිකමකුත් නැහැ. . ගහපු ගේම් කරල තියෙන වැඩ වල හැටියට මැදමූලනේ උදවියට ඕකට අරින එකත් සුලු දෙයක් ?

:       0       5

Nishantha Wednesday, 18 January 2023 08:28 PM

ඕකෙ වටිනාකමක් නැතිව ඇති...!

:       0       0

Truth Wednesday, 18 January 2023 08:56 PM

ගබිලින් නෙමෙයි ගුබිලින්, අනෙක Professor ගුබිලින් කියන්නෙ ලෝක පුසිද්ද Gemologist කෙනෙක්, කෝටි 200 ක තක්සේරුවක් දුන්න කියන්නෙ පටිටපල් බොරැ .එහෙම දුන්නනමි තකසේරැ සහතිකය පුසිද්ද කරන්න කියන්න.

:       0       3

නන්දන ධනශ්‍රී Wednesday, 18 January 2023 09:03 PM

වාර්තාව හරියට සතියේ දිනවල විකාශය වෙන ටෙලිනාට්‍යයක සිකුරාදා කොටසේ අවසානය වගෙයි ඇත්තටම වාර්තාවක් ලියද්දි වෙච්චි සිදුවීම සමග ඉදිරිපත් කලානම් නේද හොද

:       0       3

arschfikaa Wednesday, 18 January 2023 09:45 PM

ඔය මැනික්ගල රාජපස්සයන්ට දන්නොතින් නියමෙට විකුනල දීල ලන්කාවෙ නයත් ගෙවල අත පිහදා‌ෙගනෙ එවි. සුරුට්ටු සින්හලයන්ගෙ බොරු ගල් ලොකෙ කවුරුවත්ම ගන්නෙ නැත. ඔකම මුස්ලිම් මිනිහෙක් අරන් ගියෙත්, හොන්ද ගානකට විකිනේ. එගොල්ලනෙ බිස්නස්කාරයො.

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 18 January 2023 10:35 PM

කවුද ඒක ඔය ගණනට තක්සේරු කරපු ලංකාවේ අයියා ?ඔච්චර මිලකට ඔය කළු ගල් කුට්ටිය මිල කරා නම් එය ආපහු මේ රටට ආපු එක තමා ලෝක පුදුමේ .දැන් ඕක ගන්නේ කවුද ?

:       0       0

de silva Thursday, 19 January 2023 06:19 AM

මේක බොරුවක් ,අර කැලණියේ නාගයා වගේ

:       0       3

sharm warn Thursday, 19 January 2023 09:39 AM

ගිය හැටියටම ආපහු ආවද දන්නෙ නෑ. . මොකටද ගෙනිච්චෙ කියල දන්න කෙනෙක් ඉන්නවද?

:       0       2

නිහාල් Thursday, 19 January 2023 10:58 AM

දැන් තියෙන්නේ ඒ වගේ වෙන ගලක් ද දන්නේ නෑ

:       0       3

kamalThursday, 19 January 2023 11:18 AM

ඒ මැණිකත් මේ මැණිකත් හැර තවත් මැණික් තිබේද?

:       0       0

Raheem Thursday, 19 January 2023 11:08 AM

ලෝකේ වටේ ගෙනිච්චත් ගල වටින්නේ නැති නිසා කවුරුත් ගත්තේ නැහැ .අපරාදේ ලෝකේ වටේ ගෙනියන්න වියදම් කරපු සල්ලි තරම් වත් වටින්නේ නැතිව ඇති

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site