(විමුක්ති එස් රුද්‍රිගු)
රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන බවත් හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.
එහි ඇති රත්තරන් වල වටිනාකම ආසන්න වශයෙන් යුවාන් කෝටි 60,000 ක් පමණ වන බව (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 8300 ක් පමණ) එම කාර්යාංශය සඳහන් කළේය. මීට පෙර ලොව විශාලතම රන් නිධිය ලෙස දකුණු අප්‍රිකාවේ ගැඹුරු පතලකින් හමුවේ මෙට්‍රික් ටොන් 930 ක රන් නිධිය සැලකුණු බව පැවැසෙයි.
චීනය සතු නවීන ත්‍රිමාන තාක්ෂනය භාවිත කරමින් මෙම රන් නිධිය සොයා ගැනීමට හැකියාව ලැබුණු බවත් එහිදී ඩ්‍රිල් යන්ත්‍රය යොදා ගනිමින් විදිනු ලැබූ සෑම ගලකම පිරිසිඳු රත්තරන් හමුවූ බවත් හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කළේය. එසේම එම රන් නිධිය කිලෝමීටර 3 ක් පමණ පොළොව අභ්‍යන්තරය දිව යන බවද එම කාර්යාංශය පැවැසුවේය.
මෙම රන් නිධිය සොයා ගැනීමට පෙර ලොව විශාලතම රන් නිධිය හමුවූ රටවල් 10 අතර පළමු ස්ථානය දකුණු අප්‍රිකාවටත්, දෙවැනි ස්ථානය ඉන්දුනීසියාවටත්, තෙවැනි ස්ථානය රුසියාවටත් ලැබී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
304
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
යෝගා Friday, 29 November 2024 04:10 PM
මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු ඉන්න රටවල් වලට නිධාන පහල වෙනවා. අපේ වගේ කම්මැලියො ඉන්න රටවල්වල හාරන නිධන් කලුගල් වෙනවා