IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලොව ප්‍රථම කෘතිම බුද්ධි රූ රැජිණ මොරොක්කෝවෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ප්‍රථම මිස්. ඒඅයි කිරුළ දිනා ගැනීමට මොරොක්කෝවේ සමාජ මාධ්‍ය චරිතයක්වන කෙන්සා ලේලි සමත් වූවාය. කෙන්සා ලේලි යනු සම්පුර්ණයෙන්ම කෘතීම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ චරිතයක් වන අතර ඇයගේ කතා කරන අකාරය, ඡායාරූප සියල්ල කෘතිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වී ඇත.

මිස්. ඒඅයි කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව සිදුකළ ස්තුති කතාවද කෙන්සා කෘතිම බුද්ධිය ආධාරයෙන් සිදු කළාය. කිරුළ සමඟ ඇයට ඇමෙරිකානු ඩොලර් 5000 ක ත්‍යාගයක්ද හිමිවූ අතර ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම සංවිධායකයන්ගේ වෙබ් අඩවියේ පළ කිරීමටද අවස්ථාව ලැබුණාය.

කෙන්සා ලේලිට ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුළ අනුගාමිකයන් 200,000 සිටින අතර ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ අනුගාමිකයන් 45,000 සිටී. කෘතිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් නිර්මාණ සිදු කරන නිර්මාණකරුවන් දිරිමත් කිරීම සඳහා ලොව ප්‍රථම කෘතිම බුද්ධි රූප රාජිණි තරඟය පැවැත්වූවේය. කෙන්සා ලේලි චරිතය ෆීනික්ස් ඒ.අයි නිර්මාතෘ මිරියම් බෙසා විසින් නිර්මාණය කරනු ලැබුවාය.

මෙම තරඟයේ අනුශූරතාවන් ප්‍රංශයේ ලලීනා වැලීනා සහ පෘතුගාලයේ ඔලිවියා සී කෘතිම බුද්ධි තරඟකාරිණියන් දිනා ගත්තාය.

කෘතිම බුද්ධි රූප රාජිණි තරඟය සඳහා තරඟකාරිනියන් 1500 ක් පමණ ඉදිරිපත් වූ අතර ඉන් අවසන් 10 දෙනා සංවිධායකයන් විසින් පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවේය. ෆෑන්වූ ඒ.අයි විසින් මෙම රූප රාජිණි තරඟය සංවිධානය කළේය.



අදහස් (0)

ලොව ප්‍රථම කෘතිම බුද්ධි රූ රැජිණ මොරොක්කෝවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site