
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන බර්නාඩ් ආර්නෝල්ට්ගේ වත්කම දවසක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් අඩු වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.
ඇමෙරිකානු ආර්ථිකය දුර්වල වීම හේතුවෙන් සුඛෝපභෝගී භාණ්ඩ වලට ඇති ඉල්ලුම පහල යනු ඇතැයි මතයක් නිර්මාණය වීම හේතුවෙන් එල්වීඑම්එච් සමාගමේ කොටස් අගය පහල වැටීම ඔහුගේ වත්කම දිනක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් අඩු වීමට හේතු වී තිබේ.එල්වීඑම්එච් සමාගමේ කොටස් අගය ඊයේ(23) සියයට 5 කින් පහල වැටී ඇති අතර එය වසරක් තුල එම සමාගමේ කොටස් අගය පහල වැටුණු වැඩිම ප්‍රතිශතය වේ.
ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් ඔහුගේ වත්කම පහල වැටුණු පසු ඔහුගේ නව වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 191.6 ක් ලෙස සඳහන් වී තිබේ.ආර්නෝල්ට්ගේ වත්කම පහල යෑමත් සමඟ ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය සිටින ඊලෝන් මස්ක් සහ ඔහු අතර ඇති වත්කමේ පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන 11.4 ක් දක්වා අඩු වී ඇත.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොව ධනවතාගේ වත්කම් හිටිහැටියේ පහළට