නැගෙනහිර චීනයේ ක්වින්ඩාඕ සිට හුඇංඩාඕ දක්වා වන සැතපුම් 26.4 දිගැති ජිආඕෂු පාලම විවෘත විය.
ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 1790 ක් වැයවූ මේ පාලම හැදීමට වසර හතරක් ගත විය. මුහුද මැදින් වැටී ඇති මේ පාලමේ දැවැන්ත කොන්ක්‍රීට් කළුනු 5000 කි. පළල අඩි 110 කි. මංතීරු තුනකි. මෙතෙක් ලොව දිගම පාලම වූ ඇමෙරිකාවේ ලුසියානාවේ පාලමට වඩා සැතපුම් තුනක් දිගය. තේම්ස් නදියේ ලන්ඩන් ටවර් පාලමට වඩා 174 ගුණයක් දික්වූ චීන පාලමේ ඉදිකිරීම් දෙපැත්තෙන්ම සිදු විය. පසුගිය දෙසැම්බර් 22 වැනිදා දෙපිරිස එක්වූහ. රිච්ටර් මාපකයේ 8.0 ක ප්‍රභල භූමිකම්පාවලට පවා ඔරොත්තු දෙන ආකාරයෙන් පාලම ඉදිකර ඇත.
පාලමේ යටින් උමං මාර්ගයක් ද ඇත. මේ පාලම හා මුහුදු උමඟ ඉංජිනේරු ශිල්පයේ නව වික්‍රමයක් සේ සැලකෙයි.

2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව දිගම පාලම චීනයේ
අශෝක Tuesday, 07 February 2012 03:51 PM
නියමයිත අපේ රටත් ඔහොම තමයි තව කාලෙකින්
නිලන්ත Tuesday, 07 February 2012 03:57 PM
මේක මහ පුදුමයක්..
සරත් ඉන්දික Tuesday, 07 February 2012 04:34 PM
චීන හපන කිව්වෙ කටකහනවට නොවෙයිනෙ. ඕක නතර වෙන්නෙ හඳටම පාලමක් හදලතමයි!
ශ්‍රී ලාංකිකයා Tuesday, 07 February 2012 05:04 PM
චීන රටේ ප්‍රජාතන්ත්‍රවාදය, සබැ නිදහස, අවංකකම, රටේ මුදල් හොරා නොකෑම, හරි දේශප්‍රේමය, ඒ වගේම සබැ උවමනාව එරට නායකයාගේ සිට සාමාන්‍ය මිනිසා දක්වා එකම ලෙසට පවත්වාගෙන යාම තමා මෙවන් නිර්මාණවල රහස...
සම්පත් Tuesday, 07 February 2012 05:59 PM
මේකත් ලෝක පුදුමයක්..
කිරිඅත්තා Tuesday, 07 February 2012 06:31 PM
අපේ රටේ පොඩි ගුවන් පාලමක් හදන්නත් ඔයිට වැඩි වියදමක් යනවනෙ. ඒ අතින් බැලුවම අපි ආසියාවේ ආශ්ච්‍යම තමයි!
මලින්ද Tuesday, 07 February 2012 08:44 PM
චීනය ඉක්මනින් ලෝකමහා බලවතා වේවා.
අමල් Tuesday, 07 February 2012 10:15 PM
ලංකාවෙදි නම් මෙහෙම දෙයක් දකින්න තවත් සෑහෙන කාලයක් යයි.පක්ෂ පාට බේද වලින් කැඩිල බිදිල ඉන්න වෛර කරගන්න රටක් දියුණු වෙන්නේ කොහොමද ? අනික අපේ රටේ මිනිස්සුන් හැමෝම හැමදේම කරනකම් කරල දෙනකම් බලන් ඉන්නව මිස රට දියුණු කරන්න වැඩ කරන්න ඕන කියල හිතන්නේ කවුද ?ඒ අතින් චීනය විශිෂ්ඨයි.දේශපාලන නායකයන්ගේ අවංක බව හා ප්රතිපත්තින්ද මේවාට ඉවහල් වෙලා තියෙනවා.