IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ලංවීම හිටපු සභාපති අනිද්දා කෝප් කමිටුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න ) 

 
කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශයක් පසුව ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම  සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ  හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා   එම කමිටුව හමුවට  අනිද්දා  (23) කැඳවීමට  තීරණය  කර ඇත.

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා මෙසේ ඉල්ලා අස් කරගෙන ඇත්තේ විදුලිබල මණ්ඩලය අදානි සමාගමට ලබා දෙන්නයි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඇවිටිලි කරන  බවට  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන්නේ යැයි ඔහු කෝප් කමිටුව හමුවේ  කළ ප්‍රකාශයයි.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) කැදවෙන  නිලධාරීන්ගෙන්  තමන් කරන ප්‍රකාශ සත්‍ය බවට ඒ කමිටු  රැස්වීම් ආරම්භයේදී දිවුරුමක් ලබා ගැනීමට  එම කමිටුව අද (21) තීරණය කළේ‍ය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය   චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) රැස්වූ අතර මෙම තීරණය ගෙන ඇත්තේ ඒ රැස්වීමේදීය.

කෝප් කමිටුවට පසුගිය දහවෙනිදා පැමිණ  සිදු කළ ප්‍රකාශයක් ඉවත්කරගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති   එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා විසින් යොමු කරනු ලැබ ඇති ලිපියක්  කෝප් කමිටු සභාපතිවරයා එම  සභාවට ඉදිරිපත් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන  චරිත හේරත් මහතා පැවසූවේ  විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා  විසින් කොප් කමිටුව වෙත  යොමු කෙරුණු ලිපිය අද සලකා බැලුණු බවයි

ෆර්ඩිනැන්ඩු මහතා නැවත කමිටුව හමුවට කැඳවා ඔහු සමග සාකච්ඡා කිරීමටත්  මේ ලිපිය සම්බන්ධ කරුණු ගැන යළි තිරණයක් ගැනිමටත් එහිදී තීරණය කෙරුණු බව  ඔහු සඳහන් කළේය.

තමන්ගේ සාක්ෂියේ කොටස ඉවත් කිරීම සම්බන්ධ තීරණය ඊට පසුව ගැනීමටද  කෝප් කමිටුව තීරණය කර ඇත.

මේ අතර  ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විශේෂඥ වාර්තා පදනම්වූ විශේෂ රැස්වීමක් ලබන මස  25 දින පැවැත්වීමටද කෝප් කමිටුව තීරණය කර ඇත.

මෙම කෝප් කමිටු රැස්වීමට  සාමාජික මන්ත්‍රීවරුන් වන   රෝහිත අබේගුණවර්ධන,  ජගත් පුෂපකුමාර,  අනුර දිසානායක, ගරු හර්ෂ ද සිල්වා,  පාඨලී චම්පික රණවක,  මහින්දානන්ද අලුත්ගමගේ,  සරත් වීරසේකර, ජයන්ත සමරවීර,  එස්.එම්.මරික්කාර්,  නලීන් බණ්ඩාර ජයමහ,  ඉන්දික අනුරුද්ධ හේරත්,  නාලක ගොඩහේවා,  එරාන් වික්‍රමරත්න,  මධුර විතානගේ සහ  ප්‍රෙම්නාත් සී. දොලවත්ත යන මහත්වරුන්  ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (2)

ලංවීම හිටපු සභාපති අනිද්දා කෝප් කමිටුවට

sharm warn Wednesday, 22 June 2022 10:47 AM

ආහ්. . රත්තරන් එහෙමත් ඉන්නෙ..පව් මෙ චරිත මහත්තය.. කමිටුවෙත් හොරු සමග හෙලුවෙන්..

:       0       0

nimal Wednesday, 22 June 2022 11:47 AM

මෙයා හෙට රෝහල් ගතවෙයි ආතතිය වැඩිවෙලා හරි පපුවෙ අමාරුවකට හරි. ඒ්ක නිසා ඉක්මන් ක්‍රියාමාර්ගයන් ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 213 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 224 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site