IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ලේලිය රැවටූ නැන්දම්මා හිරේ වැටෙයි

සෞදි අරාබියේ තිදරු මවකට තම පුතු විවාහ කරදෙන බව පවසමින් කිසිදා නොදුටු එහෙත්  දුරකතනයෙන් හිතවත්ව සිටි කාන්තාවකගෙන් රුපියල් ලක්‍ෂ දහයකට ආසන්න මුදලක් වංචා සහගත ලෙස බැංකු ගිණුමට බැරකර ගත් බව කියන කාන්තාවක් (64) ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිල්මිණී විතාරණ මහත්මිය විසින් ලබන 12 වැනිදා දක්වා  රිමාන්ඩ් කැරිණි.

අම්පාර, ඉගිනියාගල ලිපිනයේ පදිංචි කෝනාර මුදියන්සේලාගේ හීන්මැණිකේ ඇයයි.

අක්කර හතරක කුඹරු ඉඩමක් මිලදී ගැනීමට යැයි පවසමින් සෞදියේ රැකියාව කළ කොලොන්න ප‍්‍රදේශයේ ගමගේ සුමනාවතීගෙන්   අවස්ථා ගණනාවක දී මෙම මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව අනාවරණය විය.

පැමිණිලිකාර කාන්තාව මේ වනවිට යළිත් සෞදියේ රැකියාවකට ගොස් සිටිය දී කොලොන්න පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ටී.එන්. ද සිල්වා මහතාගේ උපදෙස් අනුව කොස්තාපල් අබේරත්න විසින් විමර්ශන පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයේ දී හෙළි වූ කතාව මෙසේ ය.

පැමිණිලිකාර කාන්තාව තිදරු මවකි. 2008 දී ඇගේ සැමියා ඇය හැර ගියේය. 2011දී ඇය සෞදි අරාබියේ රැකියාවකට ගියා ය. එහිදී කේ. එම්. දයාරත්න නැමැති ලාංකිකයෙක් දුරකතනය ඔස්සේ මිතුරු විය. ඔහු කිසිදා දැක නැතත් දෙදෙනා සමීප මිතුරන් වී පේ‍්‍රමවන්තයන් බවට ද පත්විය. දයාරත්න පවසා තිබුණේ ඔහු කැගල්ලේ පදිංචිකරුවෙකු බවයි.

2013 දී දයාරත්න ලංකාවට ආවේය. ඇවිත් නිතර නිතර පැමිණිලිකාරියට දුරකතනයෙන් කතා කරන්නේ ය. දයාරත්නගේ මව යැයි කියූ කාන්තාවක් ද ඇයට නිතර කතා කරමින් තම පුතා විවාහ කරදෙන බවට පොරොන්දු ද දුන්නා ය. කිසි දිනක ජීවමානව නොදුටුවත් කතාවෙන් මේ දෙපාර්ශවය විශ්වාසවන්තයෝ වූහ.

විවිධ වුවමනා එපාකම් වලට මුදල් පවා පැමිණිලිකාරියගෙන් ගෙන්වා ගැනීමට ද මේ අය පසුබට නොවූහ. මීට ටික කලකට පෙර කුඹුරු අක්කර හතරක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා නොදුටු නැන්දම්මා දැනුම් දුන් නිසා අම්පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක අනාගත නැන්දම්මාගේ ගිණුමකට රුපියල් ලක්‍ෂ පහකට ආසන්න මුදලක් ඇය බැර කර තිබේ. ඊට පෙර ද අවස්ථා කිහිපයක දී එසේ මුදල් ලබා දි තිබු අතර ලබාදුන් මුළු මුදල ලක්‍ෂ දහයක් පමණ විය.

එකවර ලක්‍ෂ පහක මුදල එවීමෙන් පසු පසුගිය වසරේ මැද සිට මේ නොදුටු නැන්දම්මාගේ සහ අනාගත සහකරුගේ දුරකතන අක‍්‍රීයව තිබේ. කිසිම අයුරකින් ඔවුන් සම්බන්ධ කරගැනීමට පැමිණිලිකාරියට නොහැකිව ඇත.

ඇය සේවය කරන සෞදියේ හාම්පුතුන් බොහොම කරුණාවන්ත පිරිසකි. ඇය පත්ව ඇති තත්ත්වය තේරුම් ගෙන ඔවුන් වැඩිපුර මුදලක් ණයට දී ඇය ලංකාවට ඒවා නීතිමය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව ගිය වසරේ මැද ලංකාවට පැමිණි ඇය මුලින් ම කොලොන්න පොලීසියේ පැමිණිල්ලක් දැමුවා ය. 

කෑගල්ලේ ඉන්නා බව කී නුදුටු අනාගත සහකරුගේ අම්මා හෙවත් ඇගේ අනාගත නැන්දම්මාට මුදල් බැර කළ බැංකු ගිණුමේ තොරතුරු අනුව සැකකාරිය අම්පාරේ ඉන්නා බව හෙළිකර ගැනීමට පොලීසිය සමත් විය. පසව ඇය ඇඹිලිපිටිය සහ කොලොන්න පොලීසි වලට ද කැඳවිනි. පැමිණිලි විභාගයේ දී සල්ලි ගෙවන්නට ඇය පොරොන්දු විය.

ඒ පොරොන්දුවෙන් පසු පැමිණිලිකාරිය නැවත සෞදියේ රැකියාවට ගියා ය. එහෙත් සැකකාරිය පොරොන්දුව ඉටු නොකළාය. වසරක් තිස්සේ පොරොන්දුව කඩ කළ සැකකාරියට කොලොන්න පොලිසියෙන් පැමිණෙන්නැයි දැනුම් දුන්නේ ය.

මුදල් වංචා කිරීම, පොරොන්දු කඩ කිරීම යන චෝදනා යටතේ සැකකාරිය කොලොන්න පොලීසියේ අත්අඩංගුවට පත්විය.  



අදහස් (0)

ලේලිය රැවටූ නැන්දම්මා හිරේ වැටෙයි

අයිරා Wednesday, 06 July 2016 12:56 PM

අහිංසක ගෑහැනු අය හරියට ඉන්නවා මේ වගේ කපටි වංචනික මිනිස්සුන්ට අහුවෙලා දුක් මහන්සියෙන් හම්බකර ගන්න දේ නැති කරගන්න .(හේ)

:       0       0

සොපි Thursday, 07 July 2016 07:11 AM

අසරණ ඇයට නිසිමඟ පෙන්වූ අයට අපගේ ස්තුතිය! (නි)

:       0       0

සුමිත් Wednesday, 06 July 2016 02:42 PM

අපේ සමහර ගැහැණු උදවිය මේතරම්ම මෝඩද? කිසිදා නොදුටු, හරිහැටි විස්තරයක් නොදන්නා නැන්දම්මා (වෙන්න ඉන්න) කෙනෙකු විශ්වාස කරලා මේ තරම් ලොකු මුදලක් එවන්න? පව් ඒ ගැහැණු කෙනාගේ අවුරුදු 3 ක විතර පඩියට සමාන මුදලක්. බඳින්නත් පෙර මුදල් ඉල්ලනකොට සැකයක් ඇති වුණේ නැද්ද ඇයට? (නි)

:       0       0

ලක්ෂිත දිසානායක Wednesday, 06 July 2016 06:21 PM

අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක්... (නි)

:       0       0

කල්ප Wednesday, 06 July 2016 07:46 PM

රිමාන්ඩ් කරලා මදි. රට දහදුක් විඳලා හම්බකරපු සල්ලි හොරකම් කරපු එකට හොඳ දඬුවමක් දෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 535 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site