IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලලිත් ඇතුලත්මුදලි හිටියානම් හැත්තෑ නවයයි

විශ්ව විද්‍යාල “මහපොළ” ශිෂ්‍යත්ව ක්‍රමයේ  නිර්මාතෘ මෙන්ම හිටපු  අධ්‍යාපන අමාත්‍යවරයකු වු ලලිත්  ඇතුලත්මුදලි මහතාගේ  79 වැනි  ජන්ම දින සැමරුම නිමිත්තෙන්  කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුවට  අද (26) උපහාර  දැක්විණි.

ලලිත් ඇතුලත්මුදලි  සමරු පදනම්  කේන්ද්‍රය මේ උත්සවය සංවිධානය කළේය. මුදල්  අමාත්‍ය  රවී කරුණානායක, ලලිත් ඇතුලත්මුදලි මහතාගේ  සොහොයුරු දයන්ත ඇතුලත්මුදලි , කේසර  ලාල් ගුණසේකර, රසීක් සරූක්, සිරි ප්‍රනාන්දු  යන ගුණ සමරු  පදනමේ  සාමාජිකයන් ද රාජකීය විද්‍යාලයේ  සිසුහු පිරිසක් ද පිළීරුවට  පුෂ්පෝහාර දැක්වුහ.

DSC_0242 DSC_0251a DSC_0265 DSC_0269 RDS_6972



අදහස් (0)

ලලිත් ඇතුලත්මුදලි හිටියානම් හැත්තෑ නවයයි

සහන් Thursday, 26 November 2015 08:41 AM

මෙතුමා ආරම්භකළ මහපොළ ශිෂ්‍යත්වය තුලින් ජීවිතය ජයලැබූ බොහෝ දෙනෙක් අතරින් එක් පුද්ගලයෙක් ලෙස මෙතුමාට හද පිරි උපහාරය මෙන්ම පින් අනුමෝදන් කරන්නත් මම කිසි ලෙසක මැලිවන්නේ නැත. එය එසේ නොවිණි නම් අප අද කොතනදැයි මම නොදනිමි. අප රටට අවශ්‍ය වන්නේ දේශපාලන පක්ෂ වලට වඩා , රට සහ රටේ ජනතාව ගැන සිතන මෙවැනි නායකයන්මය. (නි)

:       0       0

සොපි Thursday, 26 November 2015 09:35 AM

මේ වගේ උගත්,දක්ෂ නායකයින් අපට ත්‍රස්තවාදය නිසා අහිමි වුණා.(ම)

:       0       0

ජනක Friday, 27 November 2015 01:35 AM

අපේ අවාසනාවටයි එතුමා අවසන් ගමන් ගියේ. මෙතුමා සහ ගාමිණී දිසානායක මැතිතුමන්ලා මේ රටේ මහත් පෙරළියක් සහ දියුණුවක් ඇති කළ අය. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 26 November 2015 10:31 AM

එතුමාට අපි ගරු කළ යුතුයි.(හේ)

:       0       0

සත්‍යයා Thursday, 26 November 2015 01:26 PM

සොපී, ඔබ ගිනිඅවි සහ ගිනිකෙළි පොත කියවා බලන්න. (නි)

:       0       0

සකුන්තලා Thursday, 26 November 2015 08:09 AM

ඇත්තටම රටට රටේ දුවා දරුවන්ට ආදරය කළ රටට ආදරය කළ නියම උගත් නායකයෙක්. ඔබතුමා හිටියනම් අපේරට ඔබතුමා යටතේ විශාල දියුණුවක් ලබනවා නිසැකයි. යම් දිනෙක නිවන් දකින්නට පෙර යලිත් අප අතර ඉපිද රටට සේවය ලබා දෙන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site