IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලයිසන් තුවක්කු 20ට පෙර බාර දෙන්න

(ගයාන් සූරිය ආරච්චි)

මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකල සියලුම බලපත්‍ර සහිත ගිනි අවි ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

සිවිල් පුරවැසියන්ට තම ජිවිත ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබු සියලුම වර්ගයේ ගිනි අවි හා පතරොම් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දීමෙන් පසු මේ වනවිට බලපත්‍රලාභීන් 85% ක් පමණ ගිනි අවි නැවත භාරදීමට කටයුතු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

පසුගිය කාලයේදී පුද්ගල ආරක්‍ෂාව සඳහා යුද හමුදාව සහ පොලීසිය විසින් සැලකිය යුතු ගිනි අවි හා පතරොම් ප්‍රමාණයක් නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශය කියයි.

සිවිල් ජන සමාජය තුල ගිනි අවි පරිහරණය හා අවභාවිතය අවම කිරීම තුලින් මෙන්ම නිසි නියාමනයක් කිරීම තුලින් සුරක්‍ෂිත සමාජයක් තහවුරු කිරීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

 



අදහස් (2)

ලයිසන් තුවක්කු 20ට පෙර බාර දෙන්න

ජිල්බු Friday, 20 December 2024 12:42 PM

ලයිසන් නැති ඒව බාරදෙන්න ඕන්නෑ නේද?

:       0       2

අමල් Friday, 20 December 2024 03:19 PM

88-89 කාලේ අපේ සහෝදරවරු පාවිච්චිකරපු ගල් කටස්, අත් බෝම්බ බාර දෙන්න ඕනේ ජෙප්පන්ගේ පැලවත්තේ කාර්යාලයටද නැතිනම් ඒ ගැන මනා දැනුමක් තියෙන දිනන තුරු ABBA සිල්වා සහෝදරයාටද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site