
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොටහේන ප්‍රධාන කාර්යාලයේ ලියුම් බෙදන්නා රුපියල් ලක්ෂ 20කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 110 ක් පොලිස් භාරයට ගෙන ඇත.
තැපැල් කාර්යාලයක ලියුම් බෙදන්නෙකු. නිල ඇඳුමින් සැරසී හොරයින් මත්කුඩු රැගෙන බොරැල්ල වනාත මුල්ල ප්‍රදේශයට පැමිණ සිටින බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ලිපි බහාලන මල්ල තුළ ලිපි අතර සඟවා තිබූ හොරයින් මත්කුඩු තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
කොටහේන ප්‍රදේශයේම පදිංචි සැකකරු මත්කුඩු බෙදා හැරීම සඳහා වනාන්ත මුල්ලට පැමිණ ඇතිබවට පොලිසිය සැක කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර ලියුම් බෙදන්නා පදිංචි කොටහේන නිවස විශේෂ සෝදිසියට ලක්කිරීම සඳහා ඊයේ (3) රාත්‍රියේම විශේෂ පොලිස් කණ්ඩායමක් යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය .
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලියුම් බෙදන්නා හෙරොයින් සමඟ මාට්ටු