IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ

(අංජුල මහික වීරරත්න)

විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජාතික විදුලි පද්ධතියේ ඇති වූ අසමතුලිත තත්ත්වයක් හේතුවෙන් මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුව ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී යැයිද අමාත්‍යවරයා කීය.

මුළු රටේම එකවර විදුලිය විසන්ධි වීම රටේ ආර්ථිකයට බලවත් හානියක් වන හෙයින් මින්පසු එවැන්නක් නොවීමට ස්ථිරසාර පියවරක් රජය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (6)

ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ

Rawidu Tuesday, 11 February 2025 10:20 PM

මුන්ට ඡන්දෙ දුන්න මෝඩයන්ට විතරක් ලයිට් කපන්න බරිද? දැන් අපිත් දුක් විදිනවා.

:       2       19

de silva Tuesday, 11 February 2025 11:11 PM

ඕක ලංකාවේ විදුලි ඉංජිනේරුවන්ගේ ප්‍රමිතියක් නැතිකම හෝ ඔවුන් පුද්ගලික බලාගාරවලින් කොමිස් ගහන්න හිතාමතාම කරපු දෙයක් වෙන්නත් පුළුවන් .

:       1       12

රම්බොඩ Tuesday, 11 February 2025 11:33 PM

නැවත එවැන්නක් සිදු නොවීමට වගබලා ගැනීම ඉතා වැදගත්. මේ වගේ වෙලාවක ප්‍රේමදාස මහතා වගේ නායකයෙක් තමයි ඉන්න ඕන. වැඩේ කරන්න බැරිනම් ගෙදර . එහෙම පීඩනයක් නැතිව ඔය හොර මගඩි වලටම ඇබ්බැහි වෙච්ච රාජ්‍ය නිලධාරීන් හදන්න බෑ.

:       2       13

pj Wednesday, 12 February 2025 05:36 AM

සාමාන්‍ය ජන ජීවිතයට බලපාන දෙයක් සිදුවීමට පෙර මෙම විදුලි ප්‍රශ්ණය වැනි දේ හදුනාගෙන තිරසාර විසදුම් සොයා ක්‍රියාත්මක කිරීමට මහාචාර්ය කට්ටලය අසමත්වීම සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත විරෝධතාවක් පැවැත්වීමට මුලිකත්වය ගන්නා ලෙස ජවිපෙ සහ මාලිමාවට කරන ආරාධනයයි මේ.

:       1       10

සිල්වා Wednesday, 12 February 2025 11:20 AM

මාලිමාවට 88/89 ජෙප්පො විරුද්ධයි වගේ. මුන්ටික දැන් වඳුරන් වෙලා ඉපදිලා මාලිමාවට රට පාලනය කරන්න ඉඩ දෙන්නේ නෑ.

:       0       10

sanath Wednesday, 12 February 2025 01:54 PM

ප්‍රේමදාස මහත්මයා හිටියා නම් විදුලි ඉංජිනේරුවෝ ඔය වගේ ජඩ වැඩක් කරන්න තිය හිතන්නේ වත් නැහැ , වෙනදා ලයිට් කපන්නේ ජලාශ හින්දුනම ,

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 152 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 856 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 493 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 1258 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 580 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 3181 8

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1291 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site