IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ලබන වසරේ ඔක්තෝබර්වලින් පසු ජනාධිපතිට පුටුවෙ ඉන්න බෑ

(යොහාන් භාසුර)

ආණ්ඩුව පවසන ආකාරයට ජනතා අවශ්‍යතා සපුරාලීමට නම් ජනතා පරමාධිපත්‍යය කැප කළ යුතු බවත් ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ ජනාධිපතිවරණය නොවන්නේ නම් ඉන්පසුව සිටින ජනාධිපතිවරයා නීති විරෝධී ජනාධිපතිවරයෙක් වන බවත් නිදහස් ජනතා සභාවේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (18) පැවසීය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල්දැමීමට යෝග්‍ය යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසූ බවත් එසේ සිදුවුවහොත් එමගින්  ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවන බවත් පීරිස් මහතා කීය.

ලබන වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු නව ජනාධිපතිවරයෙක් තෝරාපත් නොගත්තොත් ජනාධිපතිවරයා සතු කාර්ය භාර සියල්ලම අහෝසි වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ජනාධිපතිවරණ නියමිත කාලයට නොපැවැත්වුවහොත් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.

ජනාධිපති ධූර කාලය අවසන් වූ පසු මහජන මතය උරගා බැලිය යුතු බවට ප්‍රථම විධායක ජනාධිපතිවරයෙක් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ද ප්‍රකාශ කළ ඇති බව කී මහාචාර්යවරයා සඳහන් කළේ බලයේ කේන්ද්‍රස්ථානය වන්නේ මහජන කැමැත්ත වීම නිසා පළාත් පාලන, පළාත් සභා මැතිවරණ කල්දැමුවා සේ ජනාධිපතිවරණය කල් දැමීමට නොහැකි බවත්ය. 



අදහස් (9)

ලබන වසරේ ඔක්තෝබර්වලින් පසු ජනාධිපතිට පුටුවෙ ඉන්න බෑ

dammika ranaweera Monday, 18 September 2023 01:23 PM

මේ කියන කෙනා ඒ කියන අයගේ ගුරුවරයා. අම්මෝ මෙහෙමත් කුහක ගුරුවරු. එහෙම ඉන්න බැරිනම් ඔය කියන මහල්ලාට බැරියැ ඡන්දයකින් ඇවිත් කරන්න. බණ නොකියා... කඩාකප්පල් හැත්ත...

:       19       12

මැක්ස් Monday, 18 September 2023 02:06 PM

ඡන්ද කල් දාන සෙල්ලම් අපේ නායක සහෝදර අනුර දිසානායක සමග රනිල්ට කරන්නට බැරිය. ගෝටා මහතා ජනාධිපති ධුරය දරන සන්ධියේ තරම් මේ දවස්වල අපේ නායක සහෝදරතුමා ආණ්ඩු විරෝධී වීම නොකළත්, අකුදී සහෝදරයාගේ සටන්කාමී පන්නරය බිඳකුදු අඩු වී නොමැත. රාජපක්ෂවරුන්ට දාන තරම් සත්තම් රනිල් මහතාට නොදානා බවට අපේ විරුද්ධවාදීන් ප්‍රචාරය කළත්, නායක සහෝදරයා ඉතා ප්‍රබලලෙස රනිල් විරෝධීය. ප්‍රාදේශීය සභා කල්දාපු වෙලේ අප විසින් ජනතාවට කියූතරම් විරෝධයක් ඇත්ත වශයෙන්ම නොකළේ එම සටන් පන්නරය ජනාධිපතිවරණ කල් දැම්මොත් ඊට එරෙහි වීම සඳහා තබා ගැනීමටයි.

:       11       7

chinthakaMonday, 18 September 2023 07:15 PM

අනුර කුමාර දිසානායකට මඩ ගහන්න, ඔබට අශුචි කිලෝ කීයක් ලැබෙනවද මයිනාගෙන් සහ රනිල්ගෙන්..?

:       5       7

pakee Monday, 18 September 2023 02:15 PM

මොකේ හිටියත්, නොහිටියත් අපිට සෙතක් නැහැනේ ඕයි...!

:       0       11

Gam Monday, 18 September 2023 02:33 PM

එහෙනම් ගෙදර තියාගන්න...

:       0       6

Deepal Nirosh Monday, 18 September 2023 03:55 PM

රනිල් ජනාධිපතිතුමා ඔබතුමාගේ පරණ ගෝලයෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් රටේ ජනාධිපති, ගුරු ගෝලකම් තිබුණේ ඉස්සර. හරි 2024 ඔක්තෝබර් වලින් පස්සෙත් එතුමා පුටුවෙන් නැගිට්ටේ නෑ කියමුකෝ...! තමුන් මොනවා කරන්නද? මොකෝ අරගල කරන්නද? ඒක තීරණය කරන්නේ එතුමාට ඉහළින් ඉන්න උදවිය මිසක් පහළින් ඉන්න ඔබතුමාවත් අපිවත් නොවෙයි. එතුමා පුටුවේ වාඩිකළේත් ඒ අය මිසක හිතාගෙන ඉන්න විදියට දියවන්නාවේ ගොන් රැළ නෙවෙයි.

:       5       8

ෆැන්සිස්කෝ Monday, 18 September 2023 06:07 PM

මට ගුත්තිල හා මූසිල මතක් වුණා... ඇත්තටම එතැනදී ගුත්තිල දිනුවේ අහවලා කාමරේ ඉඳගෙන විභාගයට ලිව්වා වගේම තමයි එහෙම නොවුණා නම් මූසිල තමයි ජයග්‍රහණය කරන්නේ.. අනේ වත්මන් ගුත්තිල ඇදුරුතුමා දැන්වත් ගෝලයා අගය කරන්න... හොඳේ. අපි නම් ගුරුවරු හැටියට අපේ ශිෂ්‍යයෝ අපිට ඉහළින් ඉන්නවා දකින්න හරි කැමැතියි. ඉස්සර කියමනක් තිබුණා.. ඊර්ෂ්‍යාව සුවකරන්න බැරි රෝගයක් කියලා. ඒක ඔය ගුරුතුමා අහලා නැතෙයි..!

:       2       4

ANURA ROME Monday, 18 September 2023 09:31 PM

චින්තකයෝ ලපයා ඇතුළු කාලකන්නි හාල්පාරුවෝ ටික මෙලොවින් තුරන් උන දවසට තමයි ලංකාවට සෙත සැලසෙන්නේ ,එලොවටත් නැති මෙලොවටත් නැති අපතයෝ

:       0       0

Bunny Preena Tuesday, 19 September 2023 09:51 AM

ඔව්.පුටුවේ වාඩිවෙන එකක් නැහැ .කුෂන් එකක වාඩි වෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 5 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 110 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 72 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 158 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිතුරු සංගම් ලොකු පුටුව නලින්දට
2025 මැයි මස 11 97 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංව


සූර් වී බසය පැදවූ රියදුරා අත්අඩංගුවට
2025 මැයි මස 11 293 0

මත්පැන් පානය කර මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 970 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1427 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site