(විමුක්ති එස් රුද්‍රිගු)
ලෙබනනයේ මහල් හතක ගොඩනැගිල්ලක මහල් හතරක් කඩා වැටීම හේතුවෙන් එහි හිරවූ පුද්ගලයන් 5 දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක් සිටින බවට සැක කෙරෙන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා ප්‍රකාශ කළේය.
මුදා ගැනීමේ මෙහෙයුම පිළිබඳ සොයා බැලීම සඳහා අවස්ථා තුනකදී ගොඩනැගිල්ල කඩා වැටුණු ස්ථානයට ගිය බවත් මේ වනවිට සිරවී සිටින පුද්ගලයන් 5 දෙනාගෙන් දෙදෙනෙකු මුදා ගෙන තිබෙන බවත් ජයවීර මහතා පැවසුවේය.සිරවී සිටින තිදෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක් සිටින බවට සැක කෙරන බවත් අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව එම කාන්තාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දිය හැකි බවත් තානාපතිවරයා පෙන්වා දුන්නේය.
මුදා ගැනීමේ කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් එම කාන්තාව මුදා ගන්නා තුරු එහි රැඳී සිටීමට නියෝජිතයෙකු අද(18) එම ස්ථානයට යවන බවත් තානාපති කපිල ජයවීර මහතා පැවසුවේය.
ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙලෙස සිරවී සිටින යැයි සැක කෙරෙන කාන්තාව ගම්පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65 ක් පමණ වයසැති කාන්තාවක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෙබනනයේ කඩා වැටුණ ගොඩනැගිලලේ ලාංකික කතක්?