IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලැප්ටොප් එක ෆ්‍රිජ් එකේ

03-2016-06-10-ent-01කොළඹ අවට ගංවතුර උවදුරෙන් පීඩාවට පත්වුණු බොහෝ පවුල් ඔවුන්ගේ නිවෙස් කරා පසුගියදා යළි පදිංචියට ගියත්, ජීවිත කාලය පුරාවට ඔවුන් හරි හම්බ කළ බොහෝ දේවල් ඔවුන්ට නැතිවෙලා ගියා. වලං පිඟන් විතරක් නෙවෙයි කොට්ට මෙට්ට පවා ඔවුන්ට නැතිවෙලා ගියා. රූපවාහිනී යන්ත්‍ර, ශීතකරණත් ඇලවල් දිගේ ගහගෙන ගියත්, බොහෝ අය ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂා වීම ගැන සතුටු වුණේ, දුක හංගාගෙනයි.

යළි පදිංචියට ගිය අය අතර අපේ කලා ශිල්පීන් කීප පොලකුත් හිටියා. දවස් ගාණක් තිස්සෙ ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරන්න, ගංවතුරට හසුවී විනාශවුණු බඩු මුට්ටු ඉවත් කරන්න ඔවුන්ට ලොකු සටනක් දෙන්න වුණා, ගෙවල් දොරවල් පිළිවෙළකට තියාගන්න ටික කාලයක් යයි. ඔන්න විපතට පත්වුණු කාලාකරුවෙකුගේ නිවසකටත් ඔහුගේ මිතුරන් පිරිසක ආවලු සුවදුක් විමසන්නට. ටික වේලාවක් කතාබහ කර කර ඉඳලා යන්න ලෑස්ති වෙනකොට තමයි අර ශිල්පියාට මතක් වුණේ ගංවතුර ගලපු දවස්වල ගත්තු පින්තූර ටික යාළුවන්ට පෙන්නන්න.

"ඔහොම පොඩ්ඩක් ඉන්නකො. මම ෆොටෝ ටික සේරම ලැප්ටොප් එකට දාගත්තා," කියමින් ඔහු ශීතකරණය ඇරියලු. ලැප්ටොප් එක තිබු‍ණේ ඒක ඇතුළෙ. යාළුවන්ගෙ ඇස් උඩ ගියාලු.

"ෆ්‍රිජ් එක සති දෙකක් විතර යනකං ඕෆ් කරලම තියන්න කිව්වා ටිකක් වේලෙනකම්. ඉතිං මේ දවස්වල පරිස්සමට ලැප්ටොප් එක තියන්නෙ ඒකෙ ඇතුළෙ. අවුලක් නෑනෙ?* ඔහු ඇහුවලු.

ඔහුගෙන් සමු අරන් එන අතරතුර ඔහුගේ මිත්‍රයෙක් කිව්වලු "සපත්තු ජෝඩුව තියන්නෙ අවන් එකේද දන්නෙ නෑ නේද" කියලා.

 

DESHAYA



අදහස් (0)

ලැප්ටොප් එක ෆ්‍රිජ් එකේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 749 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site