IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලන්ඩන් වෙසක් පින්කම් ඉරිදා

මෙවරත් මහා බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි වෙසක් පුන් පොහොය නිමිතිකොට සීල භාවනා වැඩසටහන් සංවිධානය කැර ඇත.

යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය ලෙස සැලකෙන ලන්ඩන් බෞද්ධ විහාරයේ 2014 වෙසක් පිංකම මෙම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි පැවැත්වීමට යයි.

17 වැනි සෙනසුරාදා උදේ 9 සිට දහවල් 1.30 දක්වා  විහාරස්ථ රාහුල දහම් පාසලේ දරු දැරියන් වෙනුවෙන් සැකසුණු විශේෂ වෙසක් වැඩ සටහනක් පැවැත්වෙයි.

දහම් පාසලේ බොහෝ දරු දැරියන් එදින පෙහෙවස් සමාදම් කරවීමටත් භාවනා වැඩසටහන්, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් සඳහා සහභාගී කරවා ගැනීමටත් කටයුතු යොදා ඇත. 

දහම් පාසලේ දරුදැරියන් සියලුම දෙනාගේ දෙමාපියන් තම දරුවන් වෙසක් පිංකම සඳහා සහභාගී කරවා ගැනීමට විශාල උනන්දුවක් දක්වන බව රාහුල දහම් පාසලේ ප්‍රධානාචාර්ය තවලම බන්දුල හිමියෝ පැවසුහ.

ලන්ඩන් බෞද්ධ විහාරයේ ප්‍රධාන වෙසක් පිංකම 18 වන ඉරිදා උදේ 9 සිට සවස 6.30 දක්වා පැවැත්වෙයි. පිංකම ආරම්භ කරනුයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් විසින් බෞද්ධ කොඩිය එසැවීමෙනි.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් සියලුම විහාරවාසී භික්ෂුන් වහන්සේගේ සහභාගීත්වයෙන් බුද්ධ වන්දනා,ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, දාන සහ ශීල වැඩසටහන් දිනය පුරාම පැවැත්වෙනු ඇත.

මාර පරාජය සහ එහි ගැබ්වී ඇති අනර්ථකාරීත්වයේ සංකේතාත්මක බව පැහැදිලි කරදෙන ධර්මානුශාසනාවක් දේදුනුපිටියේ උපනන්ද හිමියන්විසින් පවත්වනු ඇත.

මිනිස් වාසයට සුදුසු වෙනත්  ග්‍රහතාරකාවන් විශ්වයේ යන පැනයට පිළිතුරු සපයමින් බුදුන් වහන්සේ විසින් සුත්‍ර දේශනාවන්හි  විශ්වය පිළිබඳව පෙන්වා දී ඇති කරුණු සාකච්ඡා කෙරෙන දේශනයක් සුප්‍රකට තාරකා විශේෂඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ විසින් පවත්වනු ඇත.

ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විශේෂ වෙසක් පණිවිඩයක් ඉදිරිපත් කිරීමටද යයි. 

"සත්‍ය සොයා ගිය ගමනක්" මැයෙන් ඉරාන ජාතික

දොටෙස්ටු  භික්ෂුව විසින් දේශනයක් පවත්වයි.

පිංකම අවසානයේ ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ සිසු සිසුවියන් සහ ඔවුනගේ දෙමාපියන් ඉදිරිපත් කරන බැති ගී ගායනයක් ද පැවැත්වෙයි.

ලන්ඩන් නුවර තවත් ප්‍රධාන ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් වන කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධස්ථානයේ වෙසක් පිංකම පැවැත්වෙන්නේ 18 වැනි ඉරිදායි.

උදෑසන 7 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වෙන වෛශාක ශීල සමාදානය සඳහා අටසිල් සමාදන් වීම්, බුද්ධ වන්දනා, බුද්ධ පුජා සාංගීක දාන,භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා අඩංගු වෙයි.

විහාරාධිපති  අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පිංකම සඳහා විහාරවාසී සහ ආරාධිත ස්වාමීන්  වහන්සේ සහභාගී වනු ඇත.

එදින ආචාර්ය හාඳුපැල්පොල මහින්ද නාහිමියන්, ගොඩමුන්නේ පියනන්ද හිමියන්, විල්බාගෙදර ඥානිස්සර හිමියන් සහ 

ආචාර්ය දීගල්ලේ මහින්ද හිමියන් ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සඳහා සහභාගී වෙතියි එම සංවිධානය කියයි.

ආචාර්ය සෙනෙවි අතුරුපාන විසින් මෙහෙයවනු භාවනා වැඩසටහනක්ද පැවැත්වෙයි.

මේ අතර ලන්ඩන් ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය වෙසක් පුන් පොහොය දින මහ කොමසාරිස් කාර්යාලයේදී සාංඝික දානයක් පිරි නැමීය.

 

 



අදහස් (0)

ලන්ඩන් වෙසක් පින්කම් ඉරිදා

නුවන් Friday, 16 May 2014 03:27 AM

සාධු ! සාධු !! සාධු !!! මේ සියලු උතුම් පුණ්‍ය වැඩසටහන් සංවිධානය කරන සහ සහභාගි වන සැමට තෙරුවන් සරණින් මෙබඳු උතුම් සත්ක්‍රියා තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! (නි)

:       0       0

පුක්කුස වීරේ-ලන්ඩන් Thursday, 15 May 2014 07:36 PM

මෙයත් ලන්ඩන් මහමෙව්නාවේ මෙන් දාන, ශීල, භාවනා සහ ශීල, සමාධි, ප්‍රඥා මුල්කරගෙන සකල බැතිමතුන්ට නිර්වාණය ළඟා කරදෙන වෙසක් උත්සවයක්ම වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site