වසරකට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩුවී පැවැති බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයට මෙරට ප‍්‍රකට ව්‍යාපාරික කාන්තාවක් වන අමරි විජයවර්ධන මහත්මිය රජය විසින් නම් කරනු ලැබ ඇත.
ඒ අනුව බි‍්‍රතාන්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට අමරි විජයවර්ධන මහත්මිය ගේ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය සඳහා යොමු කර ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස නම් කළ අමරි විජයවර්ධන මහත්මිය මෙරට ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක් වන ස්වදේශී සමාගාමේ සභාපතිනියද වේ.
එම ධූරයේ මීට පෙර කටයුතු කළ වෛද්‍ය ක‍්‍රිස් නෝනිස් මැක්වුඩ් සමාගමේ ප්‍රධානියෙකි. 2014 සැප්තැම්බර් මාසයේදී සජින් වාස් පහරදීමත් සමග ඇමෙරිකාවේ වොෂිංටන් අගනුවරදී සිදුවූ ගැටුමකින් පසු ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස් විය.
එතෙක් වසරකට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී තිබූ බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයේ වැඩ බලනු ලැබුවේ චානක තල්පහේවා මහතා විසිනි.
හිටපු ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාරටද එම ධූරය බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ආරාධනා කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩන් මහ කමිසුරු පදවිය ව්‍යාපාරික කතකට?
සනත් ගුනවර්දන Sunday, 07 February 2016 12:45 PM
මේවා තමා යහපාලනයෙන් සිදුවන දේශපාලන පත්වීම් , විදේශ අමාත්‍යංශයේ පළපුරුදු සුදුසු කම , දේශපාලන මිතුරු කමට යටය (හේ)
සුමිත්‍රා බස්නායක Sunday, 07 February 2016 01:58 PM
දේශපාලන හිතවත් කම් වලට ඕවා දෙන්නේ නැහැ කියල පහුගිය කාලේ පම්පෝරි ගැහුවේ.කෝ අනුරකුමාර මහත්තයා ඕවට කතාකරන්නේ නැද්ද.(කෞ)
රාජා Monday, 08 February 2016 05:51 AM
මේ දේශපාලන හිතවත් කමක් නෙවෙයි දේශපාලන නෑකමක්. (බ)
නන්දලාල් Sunday, 07 February 2016 08:58 AM
මෙවැනි උසස්, වැදගත් මහ කමිසුරු පදවියක් දිය යුත්තේ රට වෙනුවෙන් වැඩක් කිරීමට හැකි උගත් කෙනෙකුටයි. ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස නම් කළ අමරි විජයවර්ධන මහත්මියට එම ගුණාංග තිබේ. අපේ සුබ පැතුම් !!(කෞ)
නන්දලාල් - ප්‍රංශය Sunday, 07 February 2016 06:51 PM
සුමිත්‍රා බස්නායක, පොඩ්ඩක් ඉන්න නංගි, හදිසි වෙන්න එපා. එයා අවහම අදහසක් දායි. (නි)
රමණි Sunday, 07 February 2016 10:50 AM
මේ අපේ අගමැතිතුමාගේ ළඟම නෑදෑයෙක් නේ. අනේ වාසනාවන්. (බ)
යහම්පත් Sunday, 07 February 2016 11:08 AM
එතකොට විදේශ අමාත්‍යංශෙේ උසස් නිලධාරීන් නැත්ද?. මම එංගලන්තය දැන්අවරුදු තිස් පහක් ගණකාදී වරයෙක් උසස් තනතුරක් දරනවා. මට බැරිද කියලා කව්රු හරි කියන්නකෝ. (බ)