IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලන්ඩන් මහමෙව්නා වෙසක් පිංකම

මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නා  අසපුවේ  වෙසක් පිංකම සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්  පැවැත්විණි. එතරම් පිරිසක් සඳහා විහාරස්ථානයේ ඉඩපහසුකම් සැපයීම අසීරුවූ නිසා පිංකම පවත්වන ලද්දේ ඒ අසල පිහිටි සුවිසල් ශාලාවකය.

පිංකම ආරම්භවූයේ උදෑසන හතට මහමෙව්නාව අසපුවෙහි බුදුදහම හදාරන දරු දැරියන් සියයකට වැඩි ප්‍රමාණයක්ද වැඩිහිටි දායක කාරකාදීන් හයසීයකට වඩා වැඩි ප්‍රමාණයක්ද අටසිල්හි පිහිටුවීමෙනි. උදෑසන කිරිපිඬු දානය සහ ඉන්පසු පැවැත්වූ සම්බුදු ගුණ සිහිපත් කිරීම සඳහා දහසකට වැඩි සැදැහැවතුන් පිරිසක් එක්වුහ.

මහමෙව්නාවේ නිර්මාණශිලී තරුණ දායකයන් පිංකම පැවැත්වූ ශාලාව ඉතාමත් අලංකාර අන්දමට සකස්කර තිබුනේ ලන්ඩනයේ මහමෙව්නාව භාවනා  අසපුව සඳහා ශ්‍රී ලංකාවේදී විශේෂයෙන් නිර්මාණයකරනලද බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩමවා අලංකාර බුදුකුටියක් ශාලාව මධ්‍යයේ නිර්මාණයකිරීමෙනි. බුදුරජාණන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විදහා දැක්වෙන අන්දමට මෙම නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇත්තේ මහමෙව්නා අසපු  ලොකු ස්වාමීන්වහන්සේ වන   කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේය.

සිල් සමාදන්වූ දරු දැරියන් වෙනුවෙන් මහමෙව්නා අසපුවේ   අර්ථවත් වැඩසටහන් සුදානම්කර තිබිණි. ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ මෙම වැඩසටහන් අතරට දරු දැරියන් විසින් බුදුදහම පිළිබඳ ඔවුන්ගේ දැනුම විදහා දක්වන කතා සහ දේශන මෙන්ම භාවනාමය වැඩසටහන්ද ඇතුළත් විය.

දැනට ලන්ඩන් අසපුවේ ස්වාමීන්වහන්සේලා හතර නමක් වැඩ සිටිති. උන්වහන්සේලා සහභාගීවූ වේදල්ල ධර්ම සාකච්ඡාවෙන් බුදුන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ඉගෙනගැනීමේ අවස්ථාවද පිංකමට සහභාගීවූ සියලුදෙනාටම ලැබිණි.

පිංකම අවසාන කරනලද්දේ සිරි ගෞතම බෝධි වන්දනාවෙනි.

මහමෙව්නා අසපුවටම ආවේනිකවූ අන්දමට පිංකමේ කටයුතු ඉතාමත් කාර්යක්ෂම අන්දමට පැවැත්වුණ අතර ඒ සඳහා සහභාගීවූ සියලුමදෙනාත්, න්කමට සහභාගීවූ සියලුම ගිහි සැදැහැවතුන් ශ්වේතවර්ණ රෙදිපිළි පමණක් ඇඳසිටීමද විශේෂයෙන් කැපී පෙනිණි.

වෙසක් පුන් පොහොය වෙනුවෙන් මහමෙව්නා අසපු භුමිය මනරම් වෙසක් පහන් කුඩු රැසකින් අලංකාර කර තිබිණි.

 



අදහස් (0)

ලන්ඩන් මහමෙව්නා වෙසක් පිංකම

ලසන්ත Monday, 27 May 2013 11:12 AM

විචිත්‍රවත් දර්ශනයක්.....මිනිසුන්ගේ ආධ්‍යාත්මය සුවපත් වේවා! බුදු සසුන ලොව බැබලේවා! (නි)

:       0       0

සම්පත් Monday, 27 May 2013 04:53 PM

සාදු!සාදු!සාදු! අපගේ ගෞතම බුදු සමිදාණෙනි, මේ ඔබගේ යුගයයි! (නි)

:       0       0

දිනේෂ් Wednesday, 29 May 2013 07:13 AM

"මහමෙව්නාව මට සුන්දර වූ ලැබීමකි. ලොවට රම්‍ය වූත්, සුරම්‍ය වූත් දායාදයකි. දෙවියන්ටත්, මිනිසුන්ටත් යහපතම උදා කර දෙන්නකි. ඒ නිසා මේ සුන්දර වූ දායාදය ලොව බොහෝ කලක් පවතීවා...! බොහෝ අයට හමුවේවා...! (නි)

:       0       0

තමාරා Monday, 27 May 2013 05:18 PM

බුදු දහම මුළු ලොවම් බැබලේවා එම දහම අවබෝදයෙන් සියලු මනුෂයෝ නිවන් මග සාක් සත් කරගනිත්වා සාදු සාදු සාදු.(නදී)

:       0       0

යූ.ඒ.හෙට්ටි ආරච්චි Monday, 27 May 2013 12:40 PM

මෙවැනි ශාසනික සේවවාක් මෙන්ම ධර්ම ප්‍රචාරක කටයුතු ලොව පුරා සිදු කරන මහමෙව්නාවට ඇතැමුන් බුදුදහම විනාශ කරනවා යැයි චෝදනා කිරීම කෙතරම් ඊර්ෂ්‍යාවකින් පවසන ලද්දක්දැයි මට සිතේ.. (නි)

:       0       0

ජොනී Monday, 27 May 2013 06:51 PM

නමෝ බුද්ධාය....අනුමෝදන් වෙමි.(නදී)

:       0       0

අමර Monday, 27 May 2013 01:16 PM

සාධු...සාධු...සාධු...

:       0       0

පියල් උපසේන Monday, 27 May 2013 01:38 PM

සාදු !!! සාදු !!! සාදු !!!(නදී)

:       0       0

අමාලි සිල්වා Monday, 27 May 2013 01:46 PM

ලංකාවෙන් පිට කරන මේ වගේ වැඩ අපි අගය කළ යුතුය. සතුට සාමය ලොව පුරා පැතිරේවා! නිර්මල බුදු දහම සදා කල් පැවෙත්වා! (නි)

:       0       0

සරත් Monday, 27 May 2013 02:06 PM

මම හිතුවේ ලන්ඩන් නිසා සුදු ජාතිකයෝ ඇති කියලා. බැලුවාම මේ ඔක්කොම ලංකාවේ බෞද්ධ ජනතාවනේ. කොහොම වුණත් වැඩේ ‍හොදයි (නි)

:       0       0

සමරසේකර Monday, 27 May 2013 02:08 PM

සාධු සාධු සාධු !(නදී)

:       0       0

ප්‍රදීප් Monday, 27 May 2013 02:13 PM

සාදු !සාදු !! සාදු !!! අනුමොදමී.(නදී)

:       0       0

ප්‍රසාද් Monday, 27 May 2013 02:14 PM

සුන්දර දසුන් පෙළක්. ලංකාදීප පුවත්පතේ සියලු දෙනාටම අප්‍රමාන පින් සිදු වේවා. නමෝ බුද්ධාය!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site