IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලන්ඩන් මහමෙව්නා නව භාවනා කුටි ඉදිවෙයි

ලන්ඩන් නුවරින් මදක් ඈතින් නිසංසල ගැමි පරිසරයක පිහිටුවා ඇති මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාගේ භාවිතය උදෙසා අභිනවයෙන් ඉදිකරනු ලබන භාවනා කුටි සඳහා මුල් ගල් තැබීමේ පින්කමක් පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලාංකික මෙන්ම  ජාතික සැදැහැවත්හු දෙසීයකට වැඩි පිරිසක් සහභාගී වුහ.

පිංකම මෙහෙයවන ලද්දේ විහාරවාසී ස්වාමින්වහන්සේ විසිනි. උන්වහන්සේලා රතන සුත්‍රය දේශනා කරන අතරවාරයේ විශේෂයෙන් පිළියෙළ කරන ලද මුල්ගල් තැන්පත් කෙරිණි.

භාවනා කුටි පහක් ඉදි කෙරිණි.

එදින දවස පුරාම අසපු භුමියේදී දරු දැරියන් සහ වැඩිහිටි සැදැහැවතුන් සහභාගිවූ  ධර්මදේශනා, භාවනා සහ ධර්ම සාකච්ඡාමය වැඩසටහන්ද පැවැත්විණි. 

එම වැඩසටහන් සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ද මෙහෙයවනු ලැබුවේ විහාරවාසී භික්ෂුන් වහන්සේ සහ දායක සභාවේ පින්වතුන් විසිනි.

බුදුරජානන්වහන්සේ වදාළ නිර්මල ධර්මය සැදැහැවතුන් වෙතට රැගෙන යාමේ උතුම්  පින්කමහි නියැලී ඉන්නා මහසඟ රුවනගේ හාවිතය උදෙසා කුටි සපයාදීමේ ආනිසංශ පහදා දෙමින් එදින පිංකම සඳහා සහභාගිවූ අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කැරිණි.

 



අදහස් (0)

ලන්ඩන් මහමෙව්නා නව භාවනා කුටි ඉදිවෙයි

ලලිත් Saturday, 12 October 2013 07:10 AM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

රාදන් Friday, 11 October 2013 07:40 PM

බුදු සසුන මුළු ලොවෙහිම බැබලේවා සාදු සාදු සාදු (අ)

:       0       0

නන්දන Saturday, 12 October 2013 04:36 PM

නමෝ බුද්ධාය...සාදු.සාදු..සාදු...(දිල්)

:       0       0

රුවන් Friday, 11 October 2013 08:40 PM

අනේ මේ වගේ දේවල් වලට සාහබාගිවෙන්න අර බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් පෙන්වා දෙන පාලුවට යන පන්සල් අවට ඉන්න දායකිටත් ආශා ඇති නේද ? උඩින් ඔපෙ ,යටින් හපේ කියන්නේ මේකටද ?(දිල්)

:       0       0

සුසන්ත-යටදොලවත්ත,මතුගම Friday, 11 October 2013 02:42 PM

නිර්මල බුදුදහම තව අවුරුදු 2500ක් යන කල්ම චිරාත් කාලයක් වැජබේවා. පන්සිල් සුරකින සමාජයක් මුලු ලෝකය තුලම ඇතිකරවීමට මෙවැනි පුණ්‍ය කටයුතු මහගු මෙහෙවරකි.(දිල්)

:       0       0

ලාල් කින්ස්බරි Saturday, 12 October 2013 06:22 PM

ගොඩක් ලොකු වේදනාවක් දැනෙනවද? (අ)

:       0       0

රොහාන් Saturday, 12 October 2013 09:35 AM

බුදු සසුන බැබළේවා! (නි)

:       0       0

සෝමසිරි Saturday, 12 October 2013 09:36 AM

ඔය රටේ සුද්දෝ මේවට එන්නේ නැද්ද? (නි)

:       0       0

සීකේඩි Friday, 11 October 2013 03:16 PM

නමෝ බුද්ධාය පින්වත් ස්වාමින්වහන්සේලා අප හට පිරිසිදු ධර්මය දේශනා කරනවා. උන්වහන්සේලා රැක බලා ගන්න බැතිමතුන් හට පින් රැස් කර ගැනීමට මෙය ඉතා සුදුසු අවස්ථාවක්. සියලු දෙනාටම තෙරුවන් සරනයි (අ)

:       0       0

සමන්සිරි ලන්ඩන් Friday, 11 October 2013 09:50 PM

රුවන් ඔබගේ ප්‍රකාශය පැහැදිලි නැත. සිංහලෙන් පැහැදිලි කරන්න පුලුවන්ද?(නදී)

:       0       0

තිස්ස Friday, 11 October 2013 09:55 PM

හැබැයි ඉතින් අපේ ගමේ පන්සලේ නම් භාවනා කුටි එදා තිබුනෙත් නැහැ, අදත් නැහැ. (නි)

:       0       0

පුක්කුස වීරේ එඩ්මන්ටන් Friday, 11 October 2013 04:20 PM

විශාල බැතිමතුන් සංඛ්‍යාවක් සහබාගී වන දාන, සීල භාවනා පමණක්ම කරන මෙම අසපුව මග හරිමින් අනෙක් සියලු පන්සල් එකතු වී කටයුතු කිරීම මා හට වේදනාවක් ගෙන දෙනවා. (ත)

:       0       0

වසන්ත Friday, 11 October 2013 04:26 PM

ඔබ සියලු දෙනාටම උතුම් උ සම්මා සම් බුදුපියාණන්ගේ පිහිට ලැබේව..ලොවුතුරා බුදුගුණ මුළු ලොව තුල පැතිරේව..සඟරුවනන්ට තෙරුවන් සරණි. (අ)

:       0       0

දෙවිඳු Friday, 11 October 2013 11:09 PM

ඊර්ෂ්‍යාවේ ආදීනව කියලා දෙන්න හාමුදුරුවරුනේ අපේ මිනිස්සුන්ට. හරි දහම කියන තැනට නුවණ තිබෙන අය ඇදෙනවා. (නි)

:       0       0

නාමල් Friday, 11 October 2013 11:10 PM

රුවන්, කියන දේ පැහැදිලිව කියන්න (නි)

:       0       0

සී.කේ.ඩී. Saturday, 12 October 2013 11:39 PM

බුදුරජාණන් වහන්සේගේ කාලයේත් විරුද්ධවාදීන් සිටියා. අදත් ඉන්නවා. හෙටත් සිටීවී. එනිසා ආදිසමාවචර ශීලය නොදන්නා පුද්ගලයන්ට පිරිසිදු ධර්මය අවබෝධ වේවා! සැමට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ජනා Saturday, 12 October 2013 01:16 AM

අපිටත් මේ උතුම් පින්කමට සහභාගි වෙන්න පුළුවන් වුණා.ලොකු පිනක් කරගත්තා.සියළු දෙනාටම ඒ පින අනුමෝදන් වේවා! මේ සංසාරෙන් මිදීමට මේ පින හේතු වේවා! නමෝ බුද්ධාය !!! (නි)

:       0       0

බණ්ඩාර Saturday, 12 October 2013 02:16 AM

රුවන්, ඔබ හරි. අපේ අය අලුතින් එන ඕනෑම දෙයක් හරි ඉහළින් පිළිගන්නේ (නි)

:       0       0

ජනිත් Friday, 11 October 2013 06:30 PM

නමෝ බුද්ධාය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site