අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අසාමාන්‍ය මානුෂිකත්වය සිහිපත්කර පිං පැමිණවීම සඳහා මෙම ඉරුදින සවස 5 ට බුද්ධපුජා පිංකමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් විසින් සුදානම්කර කැරෙන මෙම පිංකම සඳහා සහභාගීවන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බව ලන්ඩන් බෞද්ධ විහාර දායක කමිටුව දන්වා ඇත.
තම ජන්මභුමියේ පැවති ධනේශ්වර සුදු ජාතිකන් සුළුපිරිසක යටතේ වර්ණ වාදය මුල්කරගත් අයුක්ති සහගත පාලනයට එරෙහිව සටන්කොට වසර 27ක් හිරබත් කැ ඔහු පසුකලෙක දකුණු අප්‍රිකාව එක්සත් කර වර්ණබේදවාදය තුරන් කිරීමේ මහ මෙහෙවරක් ඉටුකළේය.
දකුණු අප්‍රිකාවේ මේ වෙනස සිදුකිරීමේදී එහි නායකත්වය ලබාදුන් මැන්ඩෙලා තමාහට මෙන්ම අනෙකුත් සියලුම අප්‍රිකා කළු ජාතිකයින්හට අප්‍රමාණ අසාධාරණ කම් සිදුකළ සුදු ජාතිකයින්හට අබ මල් රේණුවක තරමේවත් අහිතක් වෛරයක් හෝ හිත් අමනාපයක් නොපෙන්වා කරුණාව මෛත්‍රිය පෙරදැරිකරගත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය. ඔහු තුල තිබු මේ අසාමාන්‍ය "මනුස්සකම" ලොව ලොකු කුඩා සියලුදෙනාගේම අතිමහත් ගෞරව බහුමානයට ලක්විය.
"මෙවැනි මිනිසුන් ලෝකයේ පහළවන්නේ කලාතුරකින්" බව පැවසු සීලවිමල හිමියෝ "එවැනි උදාර පුද්ගලයෙකුගේ වියෝව අප හැමදෙනාගේම කණගාටුවට හේතුවන්නක් බවත් එවැන්නෙකු උදෙසා අපගේ විශ්වාසයේ හැටියට සුදුසු උපහාරයක් දැක්වීම වටිනා" බවත් කීහ.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩන් පංසල මැන්ඩෙලා සිහිකරයි
අමිළ කටුනායක Monday, 09 December 2013 08:14 AM
කතෝලිකයෙකු වශයෙක් ලංඩන් විහාරය කරන මේ පිංකම අගය කරමි. හිමියනි ඔබට තුති.(නදී)