IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලන්ඩනයෙදීත් ඉල්මහ විරු සමරුවක්

ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානි කොමිටුව සංවිධානය කළ 43 වනි ඉල්මහ විරු සමරු වැඩසටහනක් පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි.

ලන්ඩනය සහ ඒ අවට ප්‍රදේශ වලින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් සහ හිතවතුන් සහභාගීවූ එම සමරු වැඩ සටහනේදී අන්තර් ජාලයේ ස්කයිප් තාක්ෂනය ඔස්සේ කොළඹ සිට පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමරු දේශනයක් පැවැත්වීය.

එම දේශනයේදී "වත්මන් පාලනය යටතේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති සමාජ ආර්ථික හා දේශපාලන අර්බුද කිසිවක් විසඳීමට නොහැකි බවත් ඒ සඳහා විසඳුමක් සැපයීමට පිරිහුණු සහ බිඳවැටෙමින් පවතින ධනේශ්වර ක්‍රමයට ආවඩන කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට නොහැකි බවත්" ඔහු පැවසුවේය.

ඒ සඳහා ඇති එකම විකල්පය නවීන සමාජවාදී වැඩපිළිවෙළක් බව පැවසු ටිල්වින් සිල්වා මහතා" ජනතා විමුක්ති පෙරමුණ එළිදක්වා ඇති ඉදිරි දැක්ම වැඩ පිළිවෙල හරහා සමාජවාදී සමාජ ක්‍රමයක් ගොඩනගා ගත හැකි" බවද පැවසීය. 

" පසුගිය පළාත් සභා මැතිවරණයේදී ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රාහී මාවතකට ඔසවා තබා ඇති" බව පැවසු ඔහු සඳහන් කළේ "ඒ ශක්තිය හා විශ්වාසය මත ඉදිරි අනාගතයේදී ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් ගොඩ නඟා ගැනීමට ශ්‍රී ලාංකික ජනතාව ජාතික හා ජාත්‍යන්තර ලෙස පෙළ ගැසිය යුතු බවයි.

විරු සමරු උත්සවය ආරම්භ වුයේ 1971 දී ජීවිතක්ෂයට පත්වූ පක්ෂ සාමාජිකයින් සිහිපත් කළේ තිබු සමරු ඵලකයක් ඉදිරියේ මල් පහන් තබා සමරු ගීය ගායනා කිරීමෙනි.

ජවිපෙ එක්සත් රාජධානි ශාඛාවේ සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි මුලසුනේ විය.

රන්ජිත් සිරිවර්ධන සහ සුනිල් ගමගේද කතා කළහ.

 



අදහස් (0)

ලන්ඩනයෙදීත් ඉල්මහ විරු සමරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site