පානදුර රෝහලේ ඉවත් කළ භාණ්ඩ වෙන්දේසියකදී එක්ස්රේ යන්ත්‍ර තුනක් එහි සේවකයකු සුළු මුදලකට ලබා ගෙන ඇතැයි එහි සේවකයෝ පිරිසක් කියති.
පරණ එක්ස්රේ යන්ත්‍රයක් රුපියල් අටදහස බැගින් වෙන්දේසියේ විකුණා ඇතැයි ද එය සැකකටයුතු බව ද කියති.
බස්නාහිර පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වසන්ති රත්නපාල මහත්මිය පැවසුයේ වෙන්දෙසියක් වු බව දන්නා නමුත් වංචාවක් සිදු වු බව නොදන්නා බවයි.ඒ ගැන සොයා බලන බවද ඇය කීවාය.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලේනාට පේර ගහ බාර දීලා
සෙසිල් සිල්වා Friday, 10 October 2014 02:48 AM
නියම පුවත් පතක් (නදී)
සෙසිල් සිල්වා Friday, 10 October 2014 02:53 AM
බඩු වෙන්දෙිසි කරන්නට පෙර ටෙන්ඩර් කැඳවන්න ඕනේ නේද? (නදී)
පෙරේරා Tuesday, 07 October 2014 11:28 AM
තිලක්, ඔබ හරි. මේකත් යන්නේ එතනටම තමා (නි)
පාලිත Tuesday, 07 October 2014 05:33 PM
බැර ලෝහ ඇති උපකරණ වෙන්දේසියේ විකිණීම තහනම් නේද? (නි)
ටෙනිසන් Tuesday, 07 October 2014 01:22 PM
පරණ ඒවා අත්හරිමුකෝ. දැන් ඔතනට එන අලුත් ඒවා ගැන බලමු (නි)
ඉලේපෙරුම Tuesday, 07 October 2014 07:01 AM
රජයේ කාර්යාලවලින් වෙන්දේසි කරන භාණ්ඩ විකිණන්නේ අඩු මිලකට. මෙම වෙන්දේසි ගැන පුළුල් ප්‍රචාරයක් දෙන්නේ නැහැ. නීතියෙන් බේරෙන්න අවශ්‍ය නිසා කිට්ටුව අැති රජයේ අායතන කීපයක කුඩා අකුෙරන් ටයිප් කළ දැන්වීම් කීපයක් අලවනවා. දන්න කියන කීපදෙනා අඩු මිලට බඩු අරගන්නවා. (නදී)
සත්‍යපාල Tuesday, 07 October 2014 07:13 AM
මේක ලේනාට පෙර ගහ බාර දීමකට වඩා නරියාට කුකුල් කොටුවක් භාර දුන්න වාගේ වැඩක්. හැබැයි කුකුල් කොටුව භාරගන්න මහා නරියා ඇවිත් නැහැ වගේ. පොඩි නරියෙක්ව එවලා (නදී)
ගාමිණී සිරිවර්දන Tuesday, 07 October 2014 07:42 AM
රජයේ ආයතන වල පාවිච්චියෙන් ඉවත් කරන භාණ්ඩ වෙන්දේසියට පෙර ඇස්තමේන්තු මිලක් නියම කරනවා. වෙන්දේසි වලදී ගැනුම් කරුවන්ට ඉල්ලන්න එපා කියනවා. සමහර විට දැලිපිහි පෙන්වා භය කර බඩුටික රැගෙන නැවත වෙන්දේසි කරනවා එළියේ. මෙතැන පොඩි එකෙක් කීයක් හරි නීත්‍යානු කුලව හම්බ කර ගත්තාට මක් වේද ? (නදී)
පුබුදු Tuesday, 07 October 2014 08:27 AM
ඒ සුළු සේවකයාට වැරදි කියන්ඩ බැහැ. ලොකු මිනිස්සු කරන වැරදි වැඩ සහ ගහන ගැහිලි ගැන බලද්දී. මම එක්තරා සිදුවීමක් කියන්නම්. පොලොන්නරුව ප්‍රදේශයේ වසා තිබු හෝටලයක් ටෙන්ඩර් කළා. ඉල්ලුම් කරුවන්ට ඉල්ලන්ඩ දුන්නේ නැහැ. දැලි පිහි ඇතුළු වෙනත් තර්ජන කොට එලෙව්වා. අන්තිම ලන්සුව ලක්ෂ 25 යි සොච්චමක්. ගෙයක් ගන්ඩ පුළුවන් සල්ලි. අපි මේවා නිසයි රට (දේශපාලනය) ගැන කල කිරිලා ඉන්නේ. කොහොමද බාල ඉන්දන ගෙනාවේ. බාල සේලයින්, බාල බෙහෙත්, මේවායි හෙවිය යුත්තේ. අනේ අපේ අවාසනාව. ටෙන්ඩරය වැරදි නම් දැන් අහෝසි කරන්ඩ (නදී)
තිලක් Tuesday, 07 October 2014 08:56 AM
එක්ස් රේ යන්ත්‍ර රෝහලෙන් ඉවත්කර වෙන්දේසි කර ඇත්තේ ඒවා නැවත භාවිතයට සුුදුසු නැති හෝ අලුත්වැඩියාකර පවත්වාගෙන යාම නොවටිනා නිසයි. නමුත් මේ යන්ත්‍ර තව ටික දවසකින් එක්ස්රේ ලබාදෙන පුද්ගලික ආයතන වලින් එලියට එයි. ඒව නිසි පරිදි ක්‍රියාකරයිද යන්න පිලිබදව කිසිම සහතිකයක් නැතිව. දිනක් මා හට පානදුර රෝහල අසල පිහිටි මෙවැනි ස්තානයකට යාමට සිදුවුනා. එහි තිබුනේ මලබැදුන අඩ තැබූ එක්ස්රේ යන්ත්‍රයක්. (නදී)
මාලා Tuesday, 07 October 2014 09:06 AM
හෝව් හෝව්, මෙතන ඉස්සරහ ඉන්නේ සුලුසේවකයා උනාට, පිටිපස්සෙන් ඉන්න කෙනා ගැන කතා කරන්නේ නැත්තේ දැලි පිහි පාර හින්දද? (නදී)
සමන්ති Tuesday, 07 October 2014 02:31 PM
සමහරවිට මේ යන්ත්‍ර තුන එක ජාතියේ නම් වැඩකරන එකක්වත් හදාගන්න පුළුවන්. (නි)
චාමික Tuesday, 07 October 2014 09:27 AM
මමත් දැකල තිබෙනවා විශ්ව විද්‍යාලෙදී අබලි භාණ්ඩ වෙන්දේසියේදී සුළු සේවකයන් ඉතා අධි තාක්ෂණික යන්ත්‍ර සුළු මුදලකට මිලදී ගන්නවා. මේක සැක සිතුන නිසා සොයා බැලුවම දැක්කේ හරිම කණගාටුදායක විදියට ඒවා කෑලි කෑලි වලට කඩලා පරණ යකඩ වලට විකුනන්න දාල තිබුන හැටි. ඔවුන්ට ඒවගෙන් ඊට වැඩිය වටිනාකමක් තිබුනේ නැහැ. (නදී)
ගාමිණී Tuesday, 07 October 2014 10:22 AM
මම දන්නා තරමින් මෙවැනි විකිරණශීලී අබලි දේවල් ප්‍රසිද්ධ වෙන්දේසි වල විකුණන්නේ නැත. එබැවින් මේ වෙන්දේසියම වැරදි ක්‍රියාවකි. මෙවැනි දේ අයථා පුද්ගලයින් අතට යාම මහජන ජීවිත වලට ලොකු තර්ජනයකි. (නි)
නලීන් Tuesday, 07 October 2014 10:31 AM
මේක අලුත් කතාවක් නෙමෙයි. කලකට පෙර එක්තරා රාජ්‍ය ගමනාගමන ආයතනයක අබලන් වූ ධාවනයට නොසුදුසු යැයි තීරණය කළ බස් රථ මේ වගේ විකුණුවා. කොන්දේසියේ තිබුනේ ආයතන භූමියෙන් පිටට මිලදී ගනු ලබන්නාට ඇදගෙනවිත් භාරදෙන ලෙසටයි. එහෙම එළියට ගෙනා වාහන කිහිපයකම යටට රිංගා ඇණ තදකොට පණගන්වා කට්ටියම හිනාවෙවී බස් එකේ නැඟලා ගියා. (නි)