IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලිට්‍රෝ සංශෝධනයට මුදල් අමාත්‍යංශය නිහඬයි

(යොහාන් භාසුර)

පෙබරවාරි මාසයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ දක්වා ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයට අදාළ නිර්දේශ මෙම මස මුල් සතියේ මුදල් අමාත්‍යංශයට යොමු කළ බවත් එම යෝජනාවලිය සඳහා මේ දක්වා මුදල් අමාත්‍යාංශයේ පිළිතුරු ලැබී නොමැති බවත් එම නිලධාරියා කීය.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල අඩුවීම පිළිබඳ අවධානය යොමු කරමින් ලිට්‍රෝ ගෑස් මිල ද අඩු කිරීමට යෝජනා කර තිබූ බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව සෑම මාසයකම 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ ගෑස් මිල සංශෝධනය කළ යුතු අතර බොහෝ මාසවලදී ගෑස් මිල සංශෝධනය නොවන තත්වයක්ද පවතී.

 



අදහස් (9)

ලිට්‍රෝ සංශෝධනයට මුදල් අමාත්‍යංශය නිහඬයි

මහසෙන් Sunday, 09 February 2025 04:59 PM

අන්ධ, ගොලු, බිහිරි වර්ණ චිත්‍රපටය දැන් රඟ දැක්වේ...

:       12       63

ගුණරත්නSunday, 09 February 2025 06:22 PM

අඳ, ගොළු, බිහිරි අසරණයෝත් තමන්ට පුළුවන් විදියට ප්‍රතිචාර දක්වනවා මහත්තයා. ඒත් කාලකන්නි හොරට බුදි ආණ්ඩු නම් එහෙම නැහැ...

:       7       41

අරවින්ද මොණරවිල Monday, 10 February 2025 11:29 AM

අන්ධ, ගොළු, බිහිරි මුග්ධ පාලනය අවසන් කරලා ජනතාවාදී පාලනයක් බිහි කරලා අවසානයි, මහසෙන්ලා තවම මර නින්දේ සැතපෙනවා.

:       1       1

ranjith Sunday, 09 February 2025 06:09 PM

පළාත් පාලන ඡන්දෙට නෑ කියලා උසාවියට කිව්ව කට්ටිය. මේ රජයත් එයාලගේ පදේට නැටුවොත් අබ සරණයි.

:       0       22

nanda Monday, 10 February 2025 06:38 AM

සහන දෙන්න පුළුවන් වේලාවක අහිංසක ජනතාවට සහන නොදී සිටිම තමන්ගේ ජනප්‍රියත්වය කෙලෙසන්න කැමැති නම් කමක් නෑ

:       2       5

siri Monday, 10 February 2025 06:42 AM

ඔහොම යමුකෝ තව ඡන්ද ළඟ එනවා නේ

:       1       5

Kazi Shajahan Monday, 10 February 2025 08:35 AM

අනුරගේ පාලනයත් දැන් රනිල්ගේ පාලනය වගේ වෙනවා මොකද මිල අඩු කරන්නේ නැත්තේ පුළුවන් වේලාවේදී

:       2       6

අරවින්ද මොණරවිල Monday, 10 February 2025 11:18 AM

2040 දී රට හදලා ජනතාවට සහන දෙන්නම් කියලා බෑගිරි ගෑව හාදයන්ට දැන් ඉක්මනින් සහන ඕනා වෙලා. විදුලි බිල සීයට තිහකින් අඩු කරලා, ඖෂධ මිල සීයට පණහකින් අඩු කරලා, ඉන්ධන වලින්ද යම් සහනයක් දිලා රුපියල් හැටට තිබුණා බිත්තර රුපියල් විසි අටට හා එක්දාස් පන්සීයට තිබුණ කුකුල් මස් කිලෝ එක රුපියල් නමසිය පණහට අඩුවෙලා තියෙන විට ගෑස් මිල පහල දැම්මේ නැහැ කියලා නාහෙන් අඩන එවුන් මනුස්සයෝ වෙන්න බැහැ.

:       4       3

Udara Monday, 10 February 2025 03:29 PM

ලෝක වෙළඳපලේ වැඩිවෙලා තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 10 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site