IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් රුපියල් 113 කින් පහළට

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය.

මෙම මිල පහත දැමීමත් සමග  කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 45 කින්ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 21කින් ද, අඩු කළ බවත් නව මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4664 ක් පැවති කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4551 ක් දක්වා පහත වැටුණි.

රුපියල් 1872 ක්ව පැවැති   කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1827 ක් දක්වාද, රුපියල් 869 ක්ව පැවැති    කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 848 ක් දක්වා ද, මිල පහත දමා තිබේ.

 



අදහස් (4)

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් රුපියල් 113 කින් පහළට

AIYO PEIRIS Monday, 05 September 2022 12:59 PM

කෝටි 70 ක් අගෝස්තු වල ලාබ අරගෙන (අහිංසකයින්ගෙ තුට්ටු දෙක) කිලෝ එකට රුපියල් 9ක්, අසරණ අතපාන අයත් බලලනේ..!

:       3       10

ranjith Monday, 05 September 2022 03:28 PM

දහස් ගණනින් වැඩිකරලා ජනතාව සූරාකනවා. ඡන්දෙ කිට්ටුවෙනකොට තව කීයක්හරි අඩුකරයි. මොවුන්ට ඡන්දයක් නෙවෙයි.. ඡන්ද හිඟාකන්න එනකොට ඉලපත තමයි ගන්න ඕනේ.

:       1       6

ජගත් ලියනගේ Monday, 05 September 2022 07:59 PM

රුපියල් 1350/- ගත්තේ අවුරුදු 25කට ඉස්සෙල්ලා නෙවෙයි...

:       0       2

පුරවැසියෙක්..... Monday, 05 September 2022 08:12 PM

නිසි කළමනාකරණයකින් තොරව පවත්වාගෙන ගිය මෙම ආයතනය පාඩු ලැබූ විට රුපියල් දහස් ගණනකින් ගෑස් මිල වැඩි කොට , පසුව ආයතනය ලාබ ලැබූ බව මහත් උජාරුවෙන් ප්‍රකාශ කළා. අනතුරුව ජනතාවට සහනයක් සලසන බව පවසමින් රුපියල් 113 කින් ගෑස් මිල අඩු කිරීම හරිම විහිළුවක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site