IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලිට්‍රෝ ගෑස් මිල පහළට

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නිවේදනය කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 70 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 32 කින් ද, පහළ දැමූ බවත් නව මිල අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3940 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1582 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 740 දක්වා ද පහළ වැටුණු බවත් මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

 



අදහස් (7)

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Rawana Friday, 03 May 2024 11:10 AM

නියමයි, ජෙප්පෝ හිටියනං මෙහෙම අඩු කරයි.

:       31       21

LakmalFriday, 03 May 2024 12:28 PM

බූරුවන්ට තේරෙන තරම තමා ඔය ,ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ

:       5       20

Rohan Friday, 03 May 2024 11:58 AM

ඡන්දෙ ලංවෙන කොට තව තවත් මිල පහළට. ඡන්දෙන් පස්සේ නැවත මිල වේගයෙන් ඉහළට.

:       9       39

ධනංජය Friday, 03 May 2024 01:02 PM

දාස් ගණන්වලින් වැඩි කරලා ඡන්දේ ලංවුනාම 175 අඩු කළා ම මිනිස්සු රැවටිලා ඡන්දේ දෙයි කියලා හිතුවද? මිනිස්සු ඒ ගොනා විකුණලා ඉවරයි.

:       9       24

ගෑස් Friday, 03 May 2024 05:36 PM

මේකේ අදහස් දාලා තියන සමහරක්ට ඕනෑ ගෑස් නිකං ගන්න. සම හරක්ට හැම එකටම ඡන්දේ. ඔවුන්ට මතක නැහැ.. මීටකලින් අඩුකරපු, වැඩිකරපු බව...!

:       5       8

imran Friday, 03 May 2024 07:00 PM

2500 වැඩිකරලා 175 අඩුකරයි... ජයවේවා...!

:       4       7

JayasekaraSaturday, 04 May 2024 10:25 AM

ඇත්ත... හැමදාම කළේ ඕක තමයි... සොච්චමකින් අඩුකරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 186 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2069 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site