IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘ලංගම සේවක අර්ථසාධකේ ගෙවන්න කැබිනට් පත්‍රිකාවක්‘

ශ්‍රී  ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සේවකයින්ට  හිමිවිය යුතු රුපියල් කෝටි 40කට වැඩි සේවක අර්ථසාධක අරමුදල් සහ ඊට අදාළ පොළිය හා අධිභාරය ‍ගෙවීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන අමාත්‍යවරයා  අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අැතැයි එම මණ්ඩලය අභියාචනාධිකරණයට දැනුම්දුන්නේය.

ඒ සඳහා වන මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීම සඳහා වන යෝජනාද එම කැබිනට් පත්‍රිකාවේ අඩංගු වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණයට දැන්වීය.

තමන්ට අයවිය යුතු සේවක  අර්ථසාධක අරමුදල් යළි අය කර දෙන ලෙසට බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා   සමස්ත ලංකා මෝටර් සේවක සංගමයේ   පිරිසක් ගොනු කළ රිට් පෙත්සමක් කැඳවු අවස්ථාවේදී නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා මේ බව කීය.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ කැඳවිණි.



අදහස් (0)

‘ලංගම සේවක අර්ථසාධකේ ගෙවන්න කැබිනට් පත්‍රිකාවක්‘

මනෝජ් Wednesday, 23 December 2015 06:23 AM

බස් අරන් චන්දෙට මිනිස්සු ඇද්ද ඒවගේ ගාස්තුවත් අපිම තමා ගෙවන්න ඕන. (කෞ)

:       0       0

සමන්ති Wednesday, 23 December 2015 02:42 PM

මේ පසුගිය කාලේදීද ? එතකොට ඒකාබද්ධ කට්ටිය මොකද කළේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site