ලංගමය පොදු ජනතාවගේ ප්‍රවාහන සේවාවක් බවත් තම ආයතනය සැමවිටම ක්‍රියා කරන්නේ මගී ජනතාවගේ පහසුව තකා බැවින් නොයෙක් සංගම් මගින් ඉල්ලන මාර්ග තදබද ගාස්තුව මගීන්ගෙන් අයකරගන්නා යෝජනාවට ලංගමය කිසිසේත් එකඟ නොවන බව එහි නියෝජ්‍ය කළමනාකාර රාජා ගුණතිලක මහතා පවසයි.
ජූලි මස 1 වැනිදා සිදුකිරීමට යෝජිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී මාර්ග තදබද ගාස්තුවක් මගීන්ගෙන් අයකිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න යෝජනා කර තිබිණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘ලංගම පොදු ජනතාවගේ පැත්තේ‘
ජයම්පති Thursday, 02 June 2016 03:00 PM
දැන් ඔය කියන තදබදය ඇති කරලා තියෙන්නේ බස් මගීන්ද? තැලිලා පොඩිවෙලා ඉන්න අපිවම තවත් අමාරුවේ දාන්නයි හදන්නේ. කොහෙන්ද දන්නේ නැහැ මේ වගේ අදහස් පහල වෙන්නේ? (බ)
උපාලි Thursday, 02 June 2016 03:10 PM
තදබද වෙලා අපි ඔය බස්වල ගිහින් විඳින දුකට, තදබදය නිසා පොකට් එක නැති කර ගන්නවට, ඉතුරු සල්ලි ඉල්ලුවහම අහන බලු කතා කතාවලට, නගින්න බහින්න කලින් අද්දනකොට සිද්දවෙන තුවාල වලට, අපට කීයක් හරි දෙනවා මිසක් මොනවද මේ ගැමුණු විජේරත්න ඉල්ලන්නේ අපෙන්? (බ)
උපාලි පියතිස්ස Friday, 03 June 2016 07:02 AM
අන්න ගැමුණු විජේරත්න වැඩේ දෙන්නයි හදන්නේ (බ)
ඈන් Thursday, 02 June 2016 03:13 PM
මෙයාට ඔය වගේ අදහස් පහල වෙන්න තරම් මොලයක් නැහැ. කවුරු හරි කියන්න ඇති. අර කලින් කළා වගේ වර්ජනේට කලින් දවසේ අරලියගහ මන්දිරේට සාකච්ඡාවකට එන්න කියලා, හොඳ කාමරයකදී බඩ කට පිරෙන්න කන්න දීලා සාකච්ඡා කළා නම් වර්ජන තර්ජන කිසි දෙයක් නැහැ. (බ)
විපුල Thursday, 02 June 2016 04:36 PM
අපේ වැඩිවූ පඩිය දැන් තිබුණා වගේ වෙලා. කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ මදිවට බස් ගාස්තු වැඩි කරනවා. (නි)
කමනි Thursday, 02 June 2016 04:55 PM
මඟීන්ට ආදරේ නං කරන්න තියන එකම දේ පුද්ගලික බස් සේවය අතුගෑවිලා යන පරිදි මඟීන්ට උසස් සේවාවක් සැළසීමට ලංගම බස් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට පිඹුරුපත් සැකසීමයි. (නි)
රන්ජන් Thursday, 02 June 2016 09:28 PM
අප විසින් කළයුත්තේ පුද්ගලික බස් වලින් ගමන් කිරීම සතියක් නොකර සිටීමයි. එවිට මේගොල්ලෝ එන්නේ අපට වැඳ වැඳ, ලීසිං එක ගෙවාගන්න බැරිවෙනකොට. මේක තමා මඟීන් විසින් පාඩමක් ඉගැන්වීමට කරන්න ඕනෑ (නි)
සුසන්ත Friday, 03 June 2016 04:43 AM
මෙය කරන්නේ කොන්ත්‍රාත් එකක් වාහන බදු වැඩිකළේ තදබදේ නිසා කියල පෙන්නන්න ඔය බස් කාරයා මේ ආණ්ඩුවෙන් ඡන්දෙත් ඉල්ලුවනේ (බ)
ටෙරන්සි Friday, 03 June 2016 05:49 AM
මහා විකාර යෝජනාවක් නේ මේක.පුද්ගලික බස්කරුවන් අපිට මොන පහසුකමක් දිලා දමෙවෙනි දේවල් ඉල්ලන්නේ.(ම)
නිල්මිණි-ජපානය Friday, 03 June 2016 06:25 AM
පුද්ගලික බස්වලින් ගුණාත්මක සේවාවක් ලබා නොදෙන නිසා මිනිස්සු තම තමන්ගේ වාහන වලින් වැඩට යන නිසා තමයි වාහන තදබදය ඇති වෙන්නේ. ඒ නිසා මාර්ග තදබද ගාස්තුව අයකරගන්න ඕනේ පුද්ගලික බස් හිමියන්ගෙන්මයි.(ම)
ඉරංග Thursday, 02 June 2016 02:29 PM
මෙහෙම හැමෝම මනුෂ්‍යයන්ට ආදරය කරනවනම් ගොඩක් හොඳයි (බ)
රාධා Thursday, 02 June 2016 02:43 PM
පුද්ගලික බස් කොට කොට යනවාට 5%, බස් සේවකයින් නිසියාකාර ඇඳුමක් නොඇඳ යනවාට 5%, ප්‍රවේශ පත්‍ර නොදෙනවාට 5%, ඇසිය නොහැකි ගුවන් විදුලි සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මගීන්ට අසන්ට සලස්වානවාට 5%, බස් මගින් අපහසු තත්ත්වයට පත් කරමින් පටවනවාට 5% , බස් සේවකයන්ට සේවක අර්තසාදකක නොදෙනවාට 5% සහ ඔවුන් නොමිලේ කන සහ මගීන්ගේ පසුම්බිය සූරාකන අපිරිසිදු හෝටල් ළඟ නතර කරනවාට 5% බැගින් මගින්ට දිය යුතුය (බ)