
( කාංචන කුමාර ආරියදාස)
ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වු නාදුනන පස් දෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයා බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි හතක් පමණ වටිනා මැණික් ස්වර්ණාභරණ සහ මුදල් මෙන්ම මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි.
පැහැරගෙන ගිය මෝටර් රථය ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම ප්‍රදේශයේ මහා මාර්ගය අසල දමා ගොස් තිබියදී අද(11 ) පෙරවරුවේ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
ලග්ගල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන සුසන්ත ප්‍රදීප් කුමාර නොහොත් පොඩි රෝහණ නැමැති ව්‍යාපාරිකයාගේ මුදල් රන් භාණ්ඩ මෙන්ම කෝටි තුනක් පමණ වටිනා මැණික් ගලක් ඊයේ (10) රාත්‍රීයේදී මෙසේ සොරාගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි.
රාත්‍රී නවය පසුවනවාත් සමඟ මෙම ව්‍යාපාරිකයා නිවසට පැමිණ නිවස ඉදිරිපිට බුදු මැදුරේ බුදුන් වැඳීම සිදුකරමින් සිටියදී නිවස පිටුපස තාප්පයකින් පැන පැමිණි මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් පස් දෙනෙකු පිස්තෝලයක් හිසට තබා ඔහුගේ දෑත් දෙපා සෙලෝ ටේප් වලින් අලවා ඔහු ඔසවාගෙන ගේ තුලට රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.




2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලග්ගල මැණික් ව්‍යාපාරිකයෙකුගේ කෝටි 7ක් කොල්ල කාලා