IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලිංගික අපරාධ වැඩිවෙලා: පාකිස්තානයේ හදිසි තත්ත්වයක්

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉවහවා ගොස් ඇති බැවිනි.

මාධ්‍ය හමුවක් පවත්වමින්, පන්ජාබ් ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය. කාන්තාවන් සහ කුඩා දැරියන්ට එරෙහිව ලිංගික අපරාධ ඉහවහා යෑම බරපතල සමාජීය ගැටලුවක් යැයි ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.

‘‘දිනපතා පන්ජාප ප්‍රාන්තයෙන් ස්ත්‍රී දූෂණ පහක් හෝ හයක් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීම කළ යුතුයි. නීති දැඩි කළ යුතුයි. ලිංගික හිරිහැරවලට කිසිදු ඉඩක් ලබාදෙිය යුතු නැහැ.’’ යැයි පන්ජාබ් ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (6)

ලිංගික අපරාධ වැඩිවෙලා: පාකිස්තානයේ හදිසි තත්ත්වයක්

The bitter truth Wednesday, 22 June 2022 10:06 AM

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වුවහොත් මෙවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ ද උද්ගත විය හැක... සියලු බලාපොරොත්තු අහිමි වූ පුද්ගලයින්ගෙන් සදාචාරයක් හෝ විනයක් බලාපොරොත්තු වීම අපහසු වේ...

:       6       14

Prase Wednesday, 22 June 2022 12:36 PM

ලංකාව එහෙම තත්වයක් උඩ වෙන්නේ නෑ. ඒ මොකටද?

:       3       4

Tania Wednesday, 22 June 2022 11:14 AM

කාන්තාවන්ට විනීතව අඳින්න පළඳින්න පුරුදු කළා නම් ඕවා නිකන්ම අඩුඔවේවි...!

:       29       4

hira Wednesday, 22 June 2022 12:50 PM

මහ උදවිය ගිය පාරෙ අනුගාමිකයෝත් යන එක වැරැද්දක්ද?

:       3       5

සිරිපාල​ Wednesday, 22 June 2022 01:02 PM

ටානියා.. මෝඩ කතා කියන්න එපා.. හිසේ සිට දෙපතුල දක්වා වහගෙන ඉන්න පාකිස්තානේ එහෙම වෙන්නේ මොකද? එහෙම බලද්දී ගෑණු සංවරව ඇන්දත් ඒ අපරාධ එහෙමම සිද්ධ වෙනවා​.. ඒ වගේම ඇමෙරිකාව වගේ රටවල අපේ රටවල් වගේ ඇඳුම් 3-4 අඳින්නෙත් නෑ. එතකොට එහෙ අපරාධ වැඩියිද​? නෑනේ... ඔක්කෝටම හේතුව ලිංගික අධ්‍යාපනයක් නැතිකම​... ආගමක් දහමක් නැතිකම..​

:       0       12

සෙනෙවිරත්න Friday, 24 June 2022 09:35 AM

ආගම දහම නම් කියන්න බැහැ. පන්සල් වලත් ඕව වාර්තා වෙනව. නීතියට බිය නැතිකම හෝ නීතිය ක්‍රියත්මක වන බව නොපෙනීම මිසක් ආගම දහම නොදන්න කම නම් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site