ඉන්දියාව තුළ කොටි සංවිධානය යළි පිහිටුවීමේ ක‍්‍රියාකාරකම් වල නිරතවූයේ යැයි සැකපිට එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ලාංකිකයින් හයදෙනාම කොටි සාමාජිකයින් නොවන බව එම බලධාරීන් තහවුරු කර ගෙන ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය වාර්තා කරයි.
මොවුන් සියලූ දෙනාම ප‍්‍රංශය බලා යෑමට සුදානමින් සිටි ලාංකික සරණාගතයින් පිරිසක් බව ඉන්දීය ආරක්ෂක අංශ තහවුරු කර ගෙන ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ. මේ සඳහා ඔවුන්ට කල්කටා වැසියකු උදව් කර ඇති අතර ගමනට අදාළ ලියකියවිලි බාර ගැනීම සඳහා කල්කටාවට පැමිණ සිටියදී මෙම ලාංකිකයින් පිරිස අත්අඩංගුවට පත්ව තිබේ.
ඉන්දියාව කොල්කටා නගරයේදී කොටි සංවිධානය යළි පිහිටුවීමේ ක‍්‍රියාකාරකම් වල නිරතවූයේ යැයි සැකපිට ශ්‍රී ලංකිකයින් හය දෙනෙකු ඉකුත් සතියේ දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
බටහිර බෙන්ගාලයේ නැක්සලයිට් ගරිල්ලා කණ්ඩායමක් එල්.ටී.ටී.ඊ යේ හිටපු සාමාජිකයින්ගේ සහාය ඇතිව ත‍්‍රස්ත කටයුතු සංවිධාන මෙහෙය වන බවට ඉන්දීය පොලීසියට තොරතුරු වාර්තාවී ඇති අතර ඒ සඳහා ඉන්දීය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙහෙයුම් දියත් කළේය.
මේ අතර මෙම ලාංකිකයින් සය දෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් නැක්ස්ලයිට් සංවිධානයක් සමඟ සබඳතා පවතින බවට පොලීසිය කළ චෝදනා ද ප‍්‍රතික්ෂේප කර නැතැයිද පැවසේ.කෙසේ වෙතත් සැකකරුවන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සඳහා එරට පොලිස් රැඳවුම් භාරයට පත් කොට ඇත.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ලක් සරණාගතයෝ කොටි නොවෙති‘
තිරු Thursday, 20 August 2015 06:40 AM
ඔහොම යමු ඔහොම යමු (ම)
රූපසිංහ Wednesday, 19 August 2015 08:40 PM
අපෝ....! තව ටික කාලයක් ගියාම කියාවි ලංකාවේ සිංහයෝ නැතත් කොටි නම් ඉන්නවා, නමුත් ඒ කැලෑ වල විතරයි කියලා. හමුදාව යුද්ධ කළේත් තේරුමක් නැතුව කියලා. (නි)
විජයබාහු Thursday, 20 August 2015 07:38 AM
හරියටම හොයාගත්තේ කොහොමද දන්නේ නෑ (ම)
බමුණු ආරච්චි Thursday, 20 August 2015 12:03 AM
හයදෙනාම කොටි සාමාජිකයින් නොවන බව එම බලධාරීන් තහවුරු කරගෙන ඇතත් ඉතින්, වරදක් කරද්දී කොටිම වෙන්න ඕනෑ කියලා නැහැනේ. (නි)
ප්‍රියන්ත Wednesday, 19 August 2015 01:05 PM
ඔහොම යමුකෝ! (නි)