(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.
පාන්පිටි කිලෝවක මිල රුපියල් 15 කින් ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 14 කින් ද, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 11 කින් ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 10 කින් ද, කඩල කිලෝවක මිල රුපියල් 5 කින් ද, දේශීය සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 4 කින් ද, අඩු කළ බවත් ඒ අනුව පාන්පිටි කිලෝවක මිල රුපියල් 210 ක් ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 115 ක් ද, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 314 ක් ද, සුදු සීනි කිලෝවක් රුපියල් 229 ක් ද, කඩල කිලෝවක් රුපියල් 545 ක් ද, දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 175 ක් ද, දක්වා මිල පහත දැමූ බව සතොස වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා සතොස භාණ්ඩ 6ක මිල තවදුරටත් අඩු කරයි
විමලසේන Friday, 02 June 2023 07:43 PM
කියන්නා කෙසේකීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසනු... මම අද ඔය කියන තැනකට ගියා සමහරක් රාක්ක හිස්. ඇත්තටම මොකටද මෙහෙම බොරු කියන්නේ කියලා අහන්න කැමතියි. බඩගිනි වුණත් ඉඳුල් කන්න එපා කියලා අපි කුඩාකාලයේ අහලා තියෙනවා. දැන් නම් ඒවා කියාදෙන්නේම නැහැ ඇත්තටම පීඑච්අයි මහත්වරු හා පාරිභෝගික අධිකාරියේ මහත්වරු මේ ආයතන බලන්නේ නැද්ද?